tag:blogger.com,1999:blog-9784055369764383342024-02-06T18:33:16.792-08:00KELIBIMASrilankan Exclusive Sinhala Sports NewsGossip99 _ WEB _ Kavindu _ Dilshanhttp://www.blogger.com/profile/05893517361566713069noreply@blogger.comBlogger322125tag:blogger.com,1999:blog-978405536976438334.post-31929876262103773992018-05-09T21:52:00.001-07:002018-05-09T21:53:46.296-07:00ශ්‍රී ලංකා වාර්තාවක් තැබූ 4X100 සහාය දිවීමේ බාලිකා කණ්ඩායම ජපාන සංචාරයෙන් ඉවතට
ලබන ජූලි මස 7දා සිට 10දා දක්වා ජපානයේදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර ඇතත් පසුගියදා ශ්‍රී ලංකාවේදී නිමාවට පත්වූ දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී රන් පදක්කම් දිනාගත් අය අතරින් මීටර් 4ඔ100 සහාය දිවීමේ බාලිකා කණ්ඩායම පමණක් ජපාන සංචාරයෙන් ඉවත් කිරීම මවිතය දනවන කරුණකි.
එනම් පසුගිය සෙනසුරාදා (5දා) පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ බාලිකා සහාය දිවීමේ ඉසව්වේදී තත්පර 46.23කින් තරගය නිම කරමින් ප්‍රබල ඉන්දියානු කණ්ඩායම පරාජයට පත් කරමින් අමාෂා ද සිල්වා (මහනුවර ස්වර්ණමාලි බා.වි.), ෂර්මිලා ජෑන් හා ශෙලින්ඩා ජැන්සෙන් (ගේට්වේ ජාත්‍යන්තර පාසල) සහ සාෆියා යාමික්් (මහනුවර විහාරමහාදේවි බා.වි.) යන ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම දිනා ගත්තේ සුසන්තිකා ජයසිංහ හා දමයන්ති දර්ශා යන ක්‍රීඩිකාවන් ද ඇතුළත්ව සිටි ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමක් මීටර් 100 සහාය දිවීමේ ඉසව්වෙන් වසර 24කට පෙර තබා තිබූ වාර්තාවක්ද බිඳ හෙළමිනි. ඒ අනුව මෙකී බාලිකා කණ්ඩායමේ වත්මන් දක්ෂතා ආසියානු මට්ටමෙන් වුවද කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියකදී පදක්කමක් දිනා ගත හැකි මට්ටමක පවතින අතර පදක්කම් දිනාගත හැකි මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් ජාත්‍යන්තර තරගාවලියන්ට සහභාගි කරවිය යුතුය යනුවෙන් නව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා විසින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට දෙන ලද උපදෙස් ද මෙම තෝරාගැනීම මඟින් පැහැර හැර ඇති බවද පෙනේ.
කෙසේ වෙතත් ජපානය බලා යන ශ්‍රී ලංකා කණ්ඩායම අරුණ දර්ශන (වීර කැප්පෙටිපොළ ජාතික පාසල), පසිඳු කොඩිකාර (කුරුණෑගල මලියදේව), පබසර නිකූ (කොළඹ නාලන්ද), රවිෂ්ක ඉන්ද්‍රජිත් (කොටහේන ශා. බෙනඩික්), හර්ෂ කරුණාරත්න (වලල ඒ. රත්නායක), තරිඳු දසුන් (ගාල්ල මහින්ද), අමාෂා ද සිල්වා (මහනුවර ස්වර්ණමාලි), දිල්ෂි කුමාරසිංහ (වලල ඒ. රත්නායක), රුමේෂි අත්තිඩිය (නුගේගොඩ ලයිසියම්), සචිනි දිව්‍යාංජලි (වත්තල ලයිසියම්), සඳුමිණි බණ්ඩාර (සා. ජෝසප් කෑගල්ල) හා රිද්මි නිෂාදි (අම්බලන්ගොඩ ධර්මාශෝක) යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විතය. තවද පුහුණුකරුවන් ලෙස සංජීව වීරක්කොඩි හා අසංක රාජකරුණාත් කාන්තා කණ්ඩායම් භාර නිලධාරිනිය ලෙස යමුනා රත්නායකත් පත්කර ඇති අතර අවශ්‍ය වූ විටෙක පත් කිරීම සඳහා කළමනාකරුවකු ලෙස අයි. ඩී. ප්‍රේමසිරි මහතාගේ නමත් ඇතුළත් කර ඇත.
mawbima
Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-978405536976438334.post-39306611058572512242018-05-02T19:14:00.001-07:002018-05-02T19:14:43.949-07:00ක්‍රිකට් පස්සට පළිගැනීම පෙරට | Cricket
සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියට ලසිත් මාලිංග එක්වූයේ නැත්නම් ඉදිරි තේරීම් කටයුතු සදහා සළකා බැලීමක් සිදු නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා තිබේ.
ලසිත් මාලිංග නම් කර ඇත්තේ අන්තර් සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායමටය.
මේවන විට ලසිත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින අතර ඔහු මේ වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුමගත ක්‍රීඩකයන් අතරට ද එක්ව නොතිබිණි.
එබැවින් ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරයක් ලබා නොගෙනය.
ඉදිරි තේරීම් සදහා සළකා බැලීමට නම් දේශීය එක්දින ක්‍රිකට් තරගාවලියට මාලිංග අනිවාර්යයෙන්ම ක්‍රීඩා කළ යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන බව වාර්තා වේ.
කෙසේවුවද, මේ සම්බන්ධයෙන් අප ක්‍රිකට් ප්‍රවීනයකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ වත්මන් ක්‍රිකට් පරිපාලනය ක්‍රීඩකයන්ගෙන් පළිගන්නා බව පෙන්වීමට මෙය කදිම නිදසුනක් බවයි.
මේ තරගාවලිය අද (02) ආරම්භ වූ අතර අදාළ ප්‍රකාශය කිරීමට තරගාවලිය ආසන්නයට වන තෙක්ම බලා සිටීමෙන් මාලිංග ගෙන්වා ගැනීමට වඩා ඔහුට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොදීම ක්‍රිකට් බලධාරීගේ අදහස බව පෙනී යන්නේ යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-978405536976438334.post-80710397352754255752018-03-29T22:58:00.001-07:002018-03-29T22:58:13.717-07:00මාලිංග පුහුණුකරුවෙක් වෙයි : Lasith Malinga
මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී අලෙවි නොවූ ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ඔහු නියේජනය කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් පන්දු යැවීමේ උපදේශකයෙක් ලෙස කණ්ඩායමට එක්කර ගත්තේය.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වන්කඩේ ක්‍රීඩාංගණයේදී සිය පුහුණු සැසිවලට එක්ව සිටින අතර ලසිත් මාලිංග පන්දු යැවීමේ උපදේශකයෙක් ලෙස කටයුතු කරමින් සිටියි.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරන්නේ මහේල ජයවර්ධනයි.
Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-978405536976438334.post-81004556500595391922018-03-21T19:26:00.000-07:002018-03-21T19:26:26.831-07:00 අපිට ලංකාවේ ප්‍රේක්ෂක සහයවල් ඕනි නෑ - අපි දිනන්න දන්නවා - ෂකීබ් අල් හසන් කියපු කතාව
අපි වෙනත් රටකදි ප්‍රේක්ෂකයන්ගේ සහයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. අපි ඒ ගැන අවධානය යොමු කරන්නේ නෑ යනුවෙන් බංගලාදේශ නායක ෂකීබ් අල් හසන් පවසනවා.
ඔහු මේ බව පැවසුවේ නිමාවූ නිදහස් කුසලාන අවසන් තරඟය පිළිබඳ අදහස් දක්වමිනුයි.
අවසාන තරගය නැරඹීමට 20000 අධික ප්‍රෙක්ෂක පිරිසක් ප්‍රේමදාස පිටියට රැස්ව තිබූ අතර ඔවුන්ගේ සහය ඉන්දියානු කණ්ඩායමට හිමිවුණා.
ඒ, ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර පැවති තරඟයේදී බංගලාදේශ පිලේ නොමනා හැසිරීම බවයි බොහෝ දෙනා කියා සිටියේ.
“ඔවුන් අපට සහයෝගය දැක්වුවා නම් හොඳයි. ඒත් මේ වගේ දේවල් වෙන්න පුලුවන්.කවුරු කාටද සහයෝගය දක්වනවාද කියන එක ගැන අපි කණගාටු වෙන්නේ නෑ.පිටිය මැදදි හොඳින් ක්‍රීඩා කිරීමයි අපේ අරමුණ‘ යැයි ෂකීබ් වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ වෙතත් එම තරඟයේදී ශ්‍රීලංකා ක්‍රීඩා ලෝලීන්ගෙන් ලද සහය පිළිබඳ රෝහිත් ෂර්මා විශේෂයෙන් සඳහන් කළා.
ඔවුන් විශිෂ්ඨයි.අපිට දැනුනේ ඉන්දියාවේ ක්‍රීඩා කරනවා වාගෙයි.ඔවුන් විශාල වශයෙන් පැමිණ අපට සහයෝගය දක්වුවා.එය ඉතා වැදගත් වුණා. පන්දුවාර 40ම අපට ඔවුන්ගේ සහය නොමදව ලැබුණා.අපි පන්දු යවද්දිත් පහරදෙද්දිත් නෙකඩාවා එය ලැබුණා.
Anonymousnoreply@blogger.com0tag:blogger.com,1999:blog-978405536976438334.post-1775652125215196422018-03-13T19:37:00.000-07:002018-03-13T19:37:53.532-07:00අපි සැලසුම් කළේ ඉස්සෙල්ලා තරග දෙක බලලා - පිතිකරුවකු නොසිටීමෙන් වැරදුණු කුරුමානම ගැන තිසර පෙරේරා කතා කරයි
නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් ශූරතාව ඉන්දියාවට හෝ බංග්ලාදේශයට අයිති නොවීමට නම් ශ්‍රී ලංකා පිලට තවත් පිට පිටම ජයග්‍රහණ දෙකක් ලබා ගැනීම අනිවාර්ය වේ. කෙසේ වෙතත් පෙරේදා ඉන්දියාව සමග පැවැති තරගයේදී ශ්‍රී ලංකා පිතිකරු බල ඇණියේ සටන්කාමීත්වය ගිලිහී යැමෙන් නිදහස් කුසලාන විස්සයි විස්ස අවසන් මහා තරග බලාපොරොත්තුව දෙපසට දෝලනය වෙමින් තිබේ.
ඉන්දියාව සමග පැවැති තරගයේදී කුසල් මෙන්ඩිස් හැරුණු කොට ශ්‍රී ලංකා පිතිකරුවන්ට අවශ්‍ය ලකුණු සංඛ්‍යාව සටහන් කර ගැනීමට නොහැකි වීම පරාජයේ ප්‍රධාන තේමා පාඨය විය. 'අපේ මැද පෙළ කඩුලු දෙක තුනක් ළඟ ළඟ දැවී ගියා. මේ කඩුල්ලේ පන්දු යවන්නන්ට සටනක් දෙන්න නම් ලකුණු 175 ක්වත් ඕන. ඉතිං පිතිකරුවන් ඒ දේ නොකළාම හරි අමාරුයි පන්දු යවන්නන්ට අභියෝගයක් දෙන්න.' යෑයි වැඩ බලන නායකයා වු තිසර පෙරේරා තරගයෙන් පසුව පැවසීය.
මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවැන්ත හයේ පහරකින් පිති ප්‍රහාරය ඇරඹූ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිම ප්‍රාණවත් කරමින් පන්දු 38 කදී විශිෂ්ට හයේ පහර තුනක් සහ හතරේ පහර තුනක් සමග සිව්වැනි විස්සයි විස්ස අර්ධ ශතකය (55) ලබා ගත්තේය. මෙන්ඩිස්ගේ පිති ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකාව පන්දු ඕවර 11 ක් අවසානයේදී කඩුලු තුනකට ලකුණු 100 ක් එකතු කර ගත්තද අවසන් පන්දු 48 දී ලබා ගත හැකිවූයේ කඩුලු පහක් අහිමිව ලකුණු 52 ක් පමණි. එය පරාජයේ තවත් සන්ධිස්ථානයකි.
'මෙන්ඩිස්ගේ පිති ප්‍රහාරය අති විශිෂ්ටයි. අපිට මෙන්ඩිස් වටේ එකතු වෙලා තව ලකුණු 25-35 ක් ලබා ගත්තා නම් තරගයේ තීරණය වෙනස් වෙන්න තිබුණා. මම ඇවිල්ලා කළෙත් හයේ සහ හතරේ පහරවල් ගහල ලකුණු ටික උඩට දාන්න. නමුත් මමත් තව පොඩ්ඩක් ඉවසුවනම් මේ දේ වෙන්නෙ නැහැ. මම ඇතුළු පිතිකරුවන් තමයි අවශ්‍ය ලකුණු ගාණ ගහගන්න බැරි වුණ එකට වගකියන්න ඕන යෑයි තිසර පෙරේරා සඳහන් කර සිටියේය.
කෙසේ වෙතත් නිත්‍ය නායකයා වූ දිනේෂ් චන්දිමාල්ට ලැබුණු තරග දෙකක තහනම හේතුවෙන් කණ්ඩායමට කැඳවා තිබුණේ සුරංග ලක්මාල්ය. ඔහු පන්දු යවන්නෙකි. නමුත් පිතිකරුවන්ට උචිත තණතීරුවකදී පිතිකරුවකු නොසිටීම ශ්‍රී ලංකා තේරීම්වල සිදුවූ විශාල සිදුරකි.
ශ්‍රී ලංකා පිලට ඕනෑ තරම් පන්දු යවන්නන් සිටියේය. පෙරේදා ඉන්දීය තරගයේදී සුරංග ලක්මාල්ගේ ඕවර 2 ක්, තිසර පෙරේරාගේ ඕවර 2 ක්, දුෂ්මන්ත චමීරගේ ඕවරයක් සහ නුවන් ප්‍රදීප්ගේ ඕවරයක් වශයෙන් නම් දැරූ පන්දු යවන්නන්ගේ ඕවර හයක්ම ඉතිරි විය. තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස කණ්ඩායමේ සිටින දසුන් ශානකට එකම ඕවරයක් හෝ නොලැබුණි. අතිරේක පන්දු යවන්නකු වු ධනුෂ්ක ගුණතිලකටද පන්දු යෑවීමට අවස්ථාවක් නොවීය. ඒ අනුව ශ්‍රී ලංකා පිලේ පන්දු යෑවීමේ අංශය කෙසේ වෙතත් ධනංජය ද සිල්වා වැනි පිතිකරුවකු කණ්ඩායමට කැඳවා තිබුණේ නම් තිසර පෙරේරා කලින් සඳහන් කළ, ලකුණු 25-35 අඩුව සම්පූර්ණ කර ගැනීමට හැකියාව තිබු බව පැහැදිලිය. නමුත් පුහුණුකරු, නායකයා සහ කළමනාකාරිත්වය අතින් සිදු වූ අත්වැරදීමක් නිසා හෝ පරාජයට පිතිකරුවකු නොසිටීමේ අඩුව මාතෘකාවට බොහෝ තැන්වලදී දැන් බඳුන්වී තිබේ.
'අපි සැලසුම් කළේ ඉස්සෙල්ලා ගහපු තරග දෙක බලලා. ඒ තරග දෙකේදී අංක හය හත පිතිකරුවන්ට බැට් කරන්න වුණේ නැහැ. ඒ නිසා අපි හිතුවා ඉන්න පිතිකරුවන් ප්‍රමාණය ඇති ඒ නිසා පන්දු යවන්නකුට අවස්ථාව ලබා දෙනවා කියලා. අනිත් එක අපේ සැලසුම් හරියට කරගන්න බැරිවුණා. වහින නිසා තමයි අපි තව පන්දු යවන්නකුට අවස්ථාව දුන්නෙ.' වහින නිසා හෝ පිතිකරුවන්ට තණතීරුවේ සහය වෙනසක් නොවුණි. දැවැන්ත පහරවල් ගැසීමට යැමේදී ඕනෑම පිතිකරුවකු දැවී ගිය හැකිය. කුසල් පෙරේරා මුහුණ දුන් සිව්වැනි පන්දුවේදීම රිවර් ස්විප් පහරක් ගසා දැවී ගියේය. පිතිකරුවන්ගේ අතින් එසේ වැරදි සිදුවන විට පිතිකරුවන් හත් අට දෙනකුවත් කණ්ඩායමේ සිටීම වාසි සහගතය.
ප්‍රේමදාස තණතීරුව පිතිකරුවන්ට සුවදායක වාසස්ථානයක් බඳුය. එවැනි තණතීරු රටේ ක්‍රිකට් ක්‍රීඩා උඩ දමන්නට අවස්ථාවක් වන බවත් එහිදී තම කණ්ඩායමේ පන්දු යෑවීමේ උපාය වූයේ කෙටි පන්දු බවත් තිසර පැවසීය.
'කොට බෝලය තමයි අපේ සැලසුම. නමුත් ඒකත් හරියට කරගන්න බැරි වුණා. නමුත් මේ පරාජයෙන් අපිට ගන්න පුළුවන් හොඳ දේවල් අරගෙන ඉදිරියට යන්න ඕන. මේ කඩුල්ල ගැන හරි සතුටුයි. මොකද පන්දුව කැපිලා එහෙට මෙහෙට යනවට වඩා මේ වගේ තණතීරුවක පිතිකරුවන්ට පහර දෙන්න ලේසියි. ඒ නිසා මම හිතනවා අපේ ක්‍රිකට් උඩට දාන්න මේ වගේ තණතීරු ගොඩක් හොඳයි කියලා.'
කුසල් මෙන්ඩිස් පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක්විය. නමුත් ඔහුගේ ආබාධය ඊළඟ තරගය අහිමි වීමට සාධකයන් නොවන බව තිසර පෙරේරාගේ විශ්වාසයයි. 'කුසල් මෙන්ඩිස්ගේ ආබාධය ගැන පැය 48 ක් තියෙනවා භෞතචිකිත්සක කාර්ය මණ්ඩලයට බලන්න. මම හිතනවා ඔහුට ලොකු ආබාධයක් නැති වෙයි කියලා.'
අසේල විතානUnknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-978405536976438334.post-78583772394110239992018-03-12T23:51:00.002-07:002018-03-12T23:51:12.727-07:00ශ්‍රී ලංකාව පැරදුනේ ඇයි? සුපිරි පන්දු යවන්නන් ඉවතට ගියේ ඇයි ? වගකිවයුත්තෝ කව්ද? : Nidahas Trophy 2018
‘නිදහස් කුසලාන’ තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (12 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක් අත්කර ගැනීමට ඉන්දියාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 153 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ පන්දු 9 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.
සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 68 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ මනීෂ් පාණ්ඬේ (නොදැවී 42) සහ දිනේෂ් කාර්තික් (නොදැවී 39) ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කළහ. පන්දු 31 කට මුහුණදුන් පාණ්ඬේ හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසූ අතර අතර පන්දු 25 කට මුහුණදුන් කාර්තික්ගේ ඉනිමට හතරේ පහර 5 ක් අන්තර්ගත විය.
මුලු ලකුණු සංඛ්‍යාව 22 ක් වන විට ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ නායක රෝහිත් ශර්මා (11) සහ ශිකර් ධවාන් (8) පිටියෙන් ඉවත් කළ අකිල ධනංජය තරගය කණ්ඩායම් දෙකටම විවෘත එකක් බවට පත්කළේය. එහෙත් ඉන් පසුව පිටියේ එක්වූ ලොකේෂ් රාහුල් (18) සහ සුරේෂ් රයිනා (27) තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 22 කදී ලකුණු 40 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ.
පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග වේගයෙන් ලකුණු රැස්කරමින් සිටි රයිනා, නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ තවත් වේගවත් පහරක් ගැසීම උත්සහා කිරීමේදී තිසර පෙරේරා අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය. ලොකේෂ් රාහුල් දැවී ගියේ ජීවන් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ ආරක්ෂාකාරී පහරක් ගැසීමට යෑමේදී සිය පසුපස පාදය කඩුල්ලේ වැදීම හේතුවෙනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 19 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 152 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා ඉනිමේ කොඳු නාරටිය බවට පත් වූ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 38 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 55 ක් රැස්කළේය. දක්ෂ ලෙස පන්දුවට පහරදෙමින් සිටි කුසල්, යුස්වින්දර් චාහාල්ගේ පන්දුවක් හමුවේ මිඞ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි රෝහිත් ශර්මාට ඉතා පහසු උඩපන්දුවක් දෙමින් දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු අවශ්‍යම වී තිබූ අවස්ථාවකදීය.
ලකුණු 34 කට කඩුලු 2 ක් බිඳවැටී අසීරු තත්ත්වයකට මුහුණපා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම එම තත්ත්වයෙන් මුදවාගත් කුසල්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් උපුල් තරංග (22) සමග එක්ව පන්දු 45 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. කඩුල්ල තුළටම යොමු කළ පන්දුවකින් තරංග දවාගත් විජේ ශංකර්, එම සම්බන්ධතාව නිමා කිරීමට සමත් වූ අතර දැවීයන විට තරංගගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහරකින් සමන්විත වී තිබිණ.
හයේ පහරක් සමගින් ලකුණු 17 ක් ලබා සිටි ධනුෂ්ක ගුණතිලකට ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වීමට සිදුවූයේ ශර්දුල් ඨාකුර්ගේ පන්දුවක් හමුවේ වේගයෙන් ගැසූ පහරකින් මිඞ් විකට් කළාපය දෙසට ඇදී ගිය පන්දුව විශිෂ්ඨ උඩ පන්දුවක් බවට පත්කර ගැනීමට සුරේෂ් රයිනා සමත් වීම හේතුවෙනි.
ඉන්දියාවට එරෙහිව පැවැති පළමු තරගයේදී මෙන්ම බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදීද පිට පිට අර්ධ ශතක දෙකක් ලබා සිටි කුසල් පෙරේරා, මෙම තරගයේදී සිය සුපුරුදු රිද්මයට පැමිණීමට පෙර පිටියෙන් ඉවත් කිරීමට වොෂින්ටන් සුන්දර් සමත් විය. පා ආවරණයේ වැදුණ පන්දුව පිත්තේ ඇතුළත දාරය දිගේ ගොස් කඩුල්ල මත පතිත වීමත් සමග කුසල්ගේ ඉනිම ලකුණු 3 කට සීමා විය.
මුහුණදුන් පළමු පන්දු දෙකම හයේ සීමාවට ඉහළින් යවමින් නරඹන්නන් කුල්මත් කළ තිසර පෙරේරා ලකුණු 15 කට පිටියෙන් ඉවත් කිරීමට ශර්දුල් ඨාකුර් සමත් විය. දැවැන්ත පහරක් ගැසීමට ගත් උත්සාහයක් වැරදී යාම නිසා එකතැන ඉහළ ගිය පන්දුව යුස්වින්දර් චාහාල්ගේ දෑත් අතර සිරවීමත් සමග තිසරට ක්‍රීඩාගාරය බලා පියමන් කිරීමට සිදුවිය.
පිතිහරඹ ලැයිස්තුවේ උසස්වීමක් ලබා 6 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ජීවන් මෙන්ඩිස්ටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදීසිටීමට අවස්ථාවක් නොලැබිණ. වොෂින්ටන් සුන්දර්ගේ දෙවැනි ගොදුර බවට පත්වෙමින් පිටියෙන් ඉවත්වන විට ඔහු ලබා සිටියේ එක් ලකුණක් පමණි.
ඉනිමේ අවසන් භාගයේදී තරගයේ පාලනය සියතට ගත් ඉන්දීය වේගපන්දු යවන්නෝ ලකුණු 5 ක් තුළ කඩුලු 3 ක් දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 152 කට සීමා කළහ. එහිදී ලකුණු 5 ක් ලබා සිටි අකිල ධනංජය පිටියෙන් ඉවත් කිරීමට ජයදේව් උනාඞ්කට් සමත් වූයේ ලෝකේෂ් රාහුල්ගේ සහායද ඇතිවය. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් ඕවරය යැවූ ශර්දුල් ඨාකුර් එහි සිවුවැනි සහ පස්වැනි පන්දුවලදී දසුන් ශානක (19) සහ දුෂ්මන්ත චමීර (0) දවාගත්තේ සිය කඩුලු සංඛ්‍යාව 4 ක් දක්වා ඉහළ දමාගනිමිනි.
කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියේය. වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක් ඕවර 19 කට සීමා කර තිබූ අතර එහිදී පන්දු යවන්නන් සිවුදෙනෙකුට ඕවර 4 බැගින්ද, එක් පන්දු යවන්නකුට ඕවර 3 ක්ද යැවීමේ අවස්ථාව හිමිවූහ.
තරග 2 ක තහනමකට ලක්ව සිටින දිනේෂ් චන්දිමාල් වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ශ්‍රී ලංකා මෙම තරගයේදී කණ්ඩායමට කැඳවා සිටි අතර රිෂාබ් පාන්ට් වෙනුවට මුල් පෙළ පිතිකරු ලෝකේෂ් රාහුල් ඉන්දීය කණ්ඩායමට කැඳවා සිටියේය.
මෙහිදී කැපී පෙනෙන දෙය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දුයවීමේ අංශයයි,මෙවැනි තීරණාත්මක මොහොතකද නුවන් ප්‍රදීප් ,දුෂ්මන්ත චමීර ෆුල්ටෝස් පන්දු සහ කෙටි පන්දු යැවීම කිසිවිටක අනුමත කල නොහැක මෙය ශ්‍රී ලංකාව පරදින්න මුලික හේතුවයි, පන්දු යවන්නෙකු ලෙස සාර්ථක වුයේ අකිල ධනන්ජය පමණි , නමුත් ලසිත් මාලිංග,නුවන්කුලේකර වැනි ලොව නම්දැරූ පන්දු යවන්නන් යොදා නොගෙන ක්‍රිකට් පරිපාලනය කරන මෙම අමන වැඩේ නම් ශ්‍රී ලංකාවට වාසියක් ගෙන නොදෙයි.එමෙන්ම ජීවන් මෙන්ඩිස් වෙනුවට නිරෝෂන් දික්වැල්ල,ධනංජය සිල්වා , දිල්ශාන් මුණවීර වැනි පිතිකරුවන් යොදා නොගැනීමද කණගාටුවට කරුණකි
Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-978405536976438334.post-1345530287066523642018-03-06T18:31:00.003-08:002018-03-06T18:38:08.889-08:00ඉංදියාවට එරෙහිව T20 පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 5ක විශිෂ්ට ජයක් : Srilanka 1st T20 Full Highlights 2018
තිස්දහසකට අධික ප්‍රේක්ෂක පිරිසකගේ ජයඝෝෂා මැද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ආරම්භ වූ නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය අත්වෙයි. ආර්. ප්‍රේමදාස පිටියේ පසුගිය වසරේ පැවැති එක්දින තරග දෙකකදී හා විස්සයි 20 තරගයකදී ශ්‍රී ලංකාව පිට පිට පරාජය කළ ඉන්දියාව ඊයේ ශ්‍රී ලංකාව හමුවේ අසරණ වූයේ පන්දු 9ක් තිබියදී කඩුලු 5ක පරාජයකිනි.
ඉන්දියාව ඕවර් 20කදී කඩුලු 5කට ලබාගත් ලකුණු 174ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා පිල ඕවර් 18.3කදී කඩුලු 5කට ලකුණු 175ක් ලැබීය.
තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගැනීමට අවසන් පන්දු 25දී ලකුණු 35ක් ගත යුතු වුවද පසුව අවසන් ලකුණු 4 ලබා ගැනීමට පන්දු 10ක් ඉතිරිවූ පහසු ඉලක්කයක් බවට පත්විය. එම ජයග්‍රාහී ලකුණු හතර නොදැවී ලකුණු 15ක් ලබාගත් දසුන් ශානකගේ පිත්තෙන් වාර්තා වූ අතර තිසර පෙරේරා නොදැවී ලකුණු 22ක් ලබා සිටියේය. තිසර පන්දු 10කදී හයේ පහරක් හා හතරේ පහර 2ක් එල්ල කිරීම ශ්‍රී ලංකා ජයග්‍රහණයට කදිම පිටුබලයක් විය.
ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා බවට පත් වූ කුසල් ජනිත් පිටිය වර්ණවත් කරමින් විශිෂ්ට ලෙස ලකුණු 66ක් ලබා ගැනීම කැපී පෙණුනි. ඔහුගේ ඉනිම කෙතරම් ශක්තිමත් ද යන්න පැහැදිලි වූයේ ඔහු එල්ල කළ සිවුවැනි හයේ පහර රිවර්ස් ස්වීප් පහරකින් නිමා කිරීමට තරම් හැකියාව තිබූ බැවිනි. වමතින් පන්දුවට පහර දෙන කුසල් ජනිත් සතර අතට පහර එල්ල කරමින් හතරේ පහර 6ක් ද සටහන් කළේය. කුසල්ගේ ඉනිම නිමා වූයේ දකුණතින් පිට දඟ පන්දු යැවූ වොෂින්ටන් සුන්දර්ගේ පන්දුවකට දිනේෂ් කාර්තික් ස්ටම්ප් කිරීමෙනි.
ධනුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර මෙන්ඩිස් ලකුණු 11කට දැවී ගියේය. අනතුරුව පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා හා ධනුෂ්ක ගුණතිලක අතර ලකුණු 58ක සම්බන්ධතාවක් ගොඩනැගී තිබියදී ධනුෂ්ක ලකුණු 19කට දැවී ගියේය. ඔහු පන්දු 12කදී හයේ පහර 2ක් හා හතරේ පහරක් සමග ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කළ නායක චන්දිමාල් පන්දු 11කදී ලකුණු 14කට දැවී ගියේය. තරංග ලකුණු 18කදී හයේ පහරක් සමග ලකුණු 17කට දැවී ගියේ චාහල්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවැටීමෙනී.
ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා ඉන්දීය පිලට පන්දුවට පහරදීමට ආරාධනා කළ අතර නායක රෝහිත් ෂර්මා හා ශිකර් ධවාන් ඉන්දීය ඉනිම ආරම්භ කළ ද පළමු ඕවරයේ සිවුවැනි පන්දුවේදී ෂර්මා දවා ගැනීමට දුෂ්මන්ත චමීර සමත් විය. ෂර්මා එල්ල කළ උඩ පන්දුව මිඩ් ඕෆ් හී සිටි ජීවන් මෙන්ඩිස් මීටර් 15ක් පමණ දිවගොස් අගනා උඩ පන්දුවක් බවට පත්කර ගැනීමෙන් ෂර්මාගේ ඉනිම ලකුණු නොලබා නිමා විය.
ඉන්දීය දෙවැනි කඩුල්ලද ඉක්මණින් දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වූ අතර නුවන් ප්‍රදීප් යැවූ තම පළමු ඕවරයේ අවසන් පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් රයිනා ලකුණු 1කට දැවී ගියේය. එවිට ඉන්දීය ලකුණු පුවරුව කඩුලු දෙකකට ලකුණු 9ක්ව තිබූ අතර ෂිකර් ධවාන් හා මනීෂ් පාන්ඩේ එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 95ක සම්බන්ධතාවක් ගොඩ නැගූහ. පාන්ඩේ පන්දු 35කදී හයේ පහරක් හා හතරේ පහර 3ක් සමග ලකුණු 37ක් ලබා ගැනීම ඉන්දීය ලකුණු පුවරුවට ශක්තියක් විය. ජීවන් මෙන්ඩිස් එවු පන්දුවකට ඩීප් මිඩ්විකට් හී සිටි ධනුෂ්ක ගුණතිලක අතට උඩ පන්දුවක් දී පාන්ඩේ ක්‍රීඩාගාරයට නික්ම ගියේය.
ඉන්දීය ඉනිම ගොඩ නැගීමට ප්‍රබල දායකත්වයක් දුන් ෂිකර් ධවාන් තම විස්සයි 20 ක්‍රිකට් දිවියේ ඉනිමක හොඳම පිතිකරණය වාර්තා කරමින් ලකුණු 90ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක්වූ ධවාන් හයේ පහර 6ක් හා හතරේ පහර 6ක් අලංකාර ලෙස එල්ල කළේය.
තෙවැනි විස්සයි 20 තරගයට ක්‍රීඩා කරන රිසාබ් පාන්ට් ලකුණු 23ක් ලබා සිටියදී දුෂ්මන්ත චමීරගේ පන්දුවකට නුවන් ප්‍රදීප් වෙත උඩ පන්දුවක් දී දැවීගිය අතර දිනේෂ් කාර්තික් නොදැවී ලකුණු 13ක් ලබා සිටියේය.
පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර කඩුලු 2ක්, නුවන් ප්‍රදීප්, ජීවන් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක කඩුල්ල බැගින් දවාගැනීමට සමත් වූහ.
නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ මීළඟ තරගය ඉන්දියාව හා බංග්ලාදේශය අතර හෙට (8) ආර්. ප්‍රේමදාස පිටියේදී පස්වරු 7ට ආරම්භ වෙයි.
Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-978405536976438334.post-46448457912984303632018-02-27T18:22:00.001-08:002018-02-27T18:22:37.680-08:00මැතිව්ස් නිදහස් කුසලානයෙන් නිදහස් වෙයි,මාලිංගව යළිත් විසිවෙයි
"මැතිව්ස් දැන් ක්‍රියාත්මක විස්සයි විස්ස තරගාවලිය නියෝජනය කළෙත් නැහැ. අපි කියල තියෙන්නෙ ශාරීරික යෝග්‍යතාව පෙන්වන්න හැමෝටම තරග කරන්න කියලා. කොහොම වුණත් මේ තරගාවලියට මැතිව්ස්ගේ තත්ත්වය එතරම් සුදුසු නැහැ." යනුවෙන් මැතිව්ස්ගේ ඉවත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාති ග්රැහැම් ලැබ්බ්‍රොයි "දිවයින" ට පැවසීය.
මේ අතර වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගටද මෙවර ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ ස්ථානය අහිමිව තිබීම විශේෂත්වයකි. ඔහු පසුගිය සති අන්තයේ පළමු පෙළ තරග ක්‍රීඩා කරමින් ශාරීරික යෝග්‍යතාව පෙන්වීමට සමත් වෙමින් ලකුණු 30 කට කඩුලු 2 ක් බිඳ දැමීය. අනතුරුව ඊයේ බී.ආර්.සී. කණ්ඩායමට එරෙහිව තරගයේදී ලකුණු 24 කට කඩුලු 3 ක් බිඳ දැමීය. එහෙත් තේරීම් කමිටුවට මාලිංගගේ එම දක්ෂතාව ජාතික කණ්ඩායමට නම් කිරීම තරම් ප්‍රමාණවත් නොවී තිබේ.
නම් කරන ලද විසි දෙනකුගෙන් යුත් සංචිතයට ආබාධ ලැයිස්තුවේ සිටි කුසල් ජනිත් පෙරේරා, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදීප් ඇතුළත්ව තිබේ. මීට අමතරව විසි දෙනාගේ සංචිතයට ධනංජය ද සිල්වා, අසිත ප්‍රනාන්දු සහ සධීර සමරවික්රමද ඇතුළත්ව තිබේ.
ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, උපුල් තරංග, දසුන් ශානක, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, අකිල ධනංජය, අමිල අපොන්සු, කුසල් ජනිත් පෙරේරා, ඉසුරු උදාන, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, ධනංජය ද සිල්වා, අසිත ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩ්රසි, නිරෝෂන් දික්වැල්ල සහ දුෂ්මන්ත චමීර
Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-978405536976438334.post-14783230204295074682018-02-19T19:47:00.001-08:002018-02-19T19:47:51.021-08:00අපි ක්‍රීඩා කළේ නිකම් ම කණ්ඩායමක් විදියට නෙවෙයි - අපි ක්‍රීඩා කළේ පවුලක් හැටියටයි - දිනේෂ් චන්දිමාල්
පසුගිය වසරේ ඉතාමත් දුර්වල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතිශ්‍රේෂ්ට අයුරින් නැවත ඔවුන්ගේ සුපුරුදු සටන්කාමී ක්‍රීඩාවක නිරත වෙමින් නව වසර ආරම්භ කළේ තුන් ආකාරයේම ක්‍රිකට් ක්රීඩාව් කුසලාන දිනා ගනිමිනි. ඔවුන්ගේ ආසන්නතම හපන්කම වූයේ විස්සයි20 තරගමාලාවේදී බංග්ලාදේශය පහසුවෙන් පරාජය කිරීමය.
සිම්බාබ්වේ හා සත්කාරක බංග්ලාදේශයද ඇතුළු වූ තුන්කොන් තරගාවලිය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකාව නැවත ජය මාවතට පිවිසි අවස්ථාව විය. ඒ ආරම්භයෙන් පසුව ඔවුන් ටෙස්ට් තරගමාලාවද ඉන්පසුව විස්සයි20 තරගමාලාවද ජය ගැනීමට සමත් වූහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ධකා අගනුවරට පැමිණියේ 2017 වසරේදී ජාත්‍යන්තර එක්දින තරග 29කින් 23ක පරාජය අත්විඳීමෙන් හා විස්සයි20 තරගවල එක දිගට පරාජයන් 8කින් පසුවය. මීට අමතරව නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ප්‍රධාන ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ආබාධයන්ට ලක්වීමේ ගැටළුවට මුහුණ දීමටද ඔවුන්ට සිදුවිය.
“ක්‍රීඩකයන් තුළ දැන් විශ්වාසය ගොඩනැගෙමින් තිබෙන බව මා සිතනවා. මෙය ඉතාමත් වැදගත් වෙනවා“ චන්දිමාල් සිල්හෙට්හි පෙරේදා පැවැති තරගයෙන් පසුව සඳහන් කළේය. “අපි ක්‍රීඩා කළේ නිකම් ම කණ්ඩායමක් විදියට නෙවෙයි. අපි ක්‍රීඩා කළේ පවුලක් හැටියටයි.“
“අපට දැන් ජ්‍යෙෂ්ඨයන් හා තරුණයන්ගේ හොඳ සංකලනයක් තියෙනවා. සාර්ථකත්වයේ පිටුපස තිබෙන ප්‍රධාන දෙය එයයි. ආරම්භක පිතිකරුවෙකු වශයෙන් තමන්ට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් පිට පිට අර්ධ ශතක ලබා ගෙන සිය ස්ථානය තහවුරු කරගත් කුසල් මෙන්ඩිස් පිළිබඳව චන්දිමාල් මෙහිදී විශේෂයෙන් කතා කළේය.
“මේ සංචාරයට පෙර මෙන්ඩිස් ආරම්භක පිතිකරුවෙකු ලෙස එතරම් ක්‍රීඩා කර තිබුනේ නැහැ. ඔහු, ඔහුගේ ක්‍රිකට් දිවියේ මුල්ම අවධියේ ආරම්භක පිතිකරුවෙකු ලෙස තරග දෙකකට ක්‍රීඩා කර තියෙනවා. ඊට පස්සෙ ඔහු ‘බැට්‘ කළේ අංක 3 හා 4 පිතිකරු ලෙසටයි. ඔහු ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කිරීමට සුදුසු බව හා ඒ එක්කම අපට දකුණත්/වමත් පිතිකරු සබඳතාව ලබා ගත හැකි බව මේ සංචාරයේ අප කළ සාකච්ඡාවලින් පසුව අපට තේරුණා. මෙන්ඩිස් ඔහුට ලැබුනු සියළු අවස්ථා සාර්ථකව ග්‍රහණය කර ගත්තා කියා මා සිතනවා. එය ඉතා හොඳයි. දැන් අපේ කණ්ඩායම තුළ ලොකු තරගයක් තියෙනවා. එය හොඳ සංඥාවකි“ යැයි දිනේෂ් චන්දිමාල් වැඩි දුරටත් කියා සිටියේය.
Anonymousnoreply@blogger.com0tag:blogger.com,1999:blog-978405536976438334.post-43561430398437362462018-02-18T21:02:00.003-08:002018-02-18T21:06:48.619-08:00 විස්සයි20 තරගාවලියෙත් ජය ශ්‍රී ලංකාවට - තරගාවලියේ වීරයා කුසල් මෙන්ඩිස් - Video
Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-978405536976438334.post-49376586634843253782018-02-15T19:33:00.001-08:002018-02-15T19:34:52.839-08:00බංග්ලාදේශය පරදා ශ්‍රි ලංකා පිළට පහසු ජයක් - Bangladesh vs Sri Lanka - Video
එහිදී කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක වේගවත් ආරම්භයක් ලබාගනිමින් ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 53ක් එක් කළේය. පන්දු 15කදි ලකුණු 30ක් ලබා සිටි ධනුෂ්ක දැවී යාමත් සමග එම සම්බන්ධතාවය බිද වැටුණු අතර අනතුරුව කුසල් මෙන්ඩිස් වේගවත් ප්‍රහාරයක් දියත් කරමින් පන්දු 27කදී වේගවත් ලකුණු 53ක් එක් කිරිමට සමත්විය.
තරංග සමග එක්වෙමින් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 37ක් එක් කළ කුසල් දැවී යන විට හයේ පහර 02ක් හා හතරේ පහර 08ක් සිය ඉනිමට එක්කොට තිබුණු.
අනතුරුව උපුල් තරංග(4) හා නිරෝෂන් දික්වැල්ල(11) දැවී යාමෙන් අනතුරුව පිටියට එක්වූ දසුන් ශානක හා තිසරෙ පෙරේරා වේගවත් ප්‍රහාරයක් දියත් කරමින් පස්වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 65ක සම්බන්ධතාවක් පවත්වමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.
එහිදී දසුන් ශානක පන්දු 24කදී හයේ පහර 03ක් හා හතරේ පහර 03ක් සමගින් නොදැවී ලකුණු 42ක් රැස් කළ අතර තිසර පන්දු 18කදී හයේ පහර 03ක් හා හතරේ පහර 04ක් සමගින් නොදැවී ලකුණු 39ක් රැස් කළේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 දැවී ලකුණු 193 ක් ලබාගත්තේය.
එය බංග්ලාදේශ කණ්ඩායමක් විස්සයි20 තරගයකදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොතට එක් වූ අතර 2012 වසරේදී අයර්ලන්තයට බෙල්ෆාස්හිදී ලබාගත් ලකුණු 190 මෙතෙක් බංග්ලාදේශ කණ්ඩායමක් රැස්කර තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් විය.
අනුකම්පා විරහිත පිතිහරඹයක නිතර වූ මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 66) සහ නායක මහමදුල්ලා රියාද් (43) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 73 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් බංග්ලාදේශ ඉනිම ලකුණු 200 සීමාව ආසන්නයටම රැගෙන ගියහ. ඉසුරු උදානගේ පන්දුවක් හමුවේ අකිල ධනංජය අතට උඩ පන්දුවක් දෙමින් මහමදුල්ලා දැවීයාමත් සමග එම සම්බන්ධතාව බිඳවැටිණ අතර බංග්ලාදේශයට ලකුණු 200 සීමාව පසුකර යෑමට තිබූ අවස්ථාවද මඟහැරී ගියේය.
පන්දු 44 කදී වාර්තා වූ රහීම්ගේ දෙවැනි විස්සයි20 අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් සමන්විත වූ අතර පන්දු 31 කදී වාර්තා වූ මහමදුල්ලාගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය. මහමදුල්ලාගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි සබීර් රෙහෙමාන්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩක් නොලැබුණ අතර තිසර පෙරේරාගේ පන්දුවක් පා ඉන්නේ වැදීම නිසා ඔහුට ආපයින්ම ආපසු ක්‍රීඩාගාරය වෙත පියමන් කිරීමට සිදුවිය.
පන්දු 32 කදී සිය මංගල විස්සයි20 අර්ධ ශතකය ලබාගත් සෞම්‍ය සර්කාර්, එය හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් අලංකාර කළේය. සකීර් හසන් (10) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 24 කදී ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සර්කාර්, ඉන් නොනැවතී මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 66) සමග එක්ව පන්දු 37 කදී ලකුණු 51 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් බංග්ලාදේශ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.
බංග්ලාදේශ ඉනිමේ 11 වැනි ඕවරය යැවූ ජීවන් මෙන්ඩිස් එම ඕවරයේ පළමු පන්දුවේදීම සෞම්‍ය සර්කාර් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට සමත් විය. මෙන්ඩිස්ගේ කෙටි පන්දුවකට රිවස් ස්වීප් පහරක් ගැසීමට යාමේදී පිට ඉන්න කෙලින් පතිත වූ පන්දුව පසුපස පාදයේ වැදීම නිසා සාර්කාර්ගේ වේගවත් ඉනිම නිමාවට පත්විය.
එම ඕවරයේම තෙවැනි පන්දුවේදී අෆීෆ් හුසේන්ද ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට මෙන්ඩිස් සමත් වූයේ කඩුලු රකින නිරෝෂන් දික්වැල්ලගේ සහායද සමගිනි. එහිදී හුසේන්ගේ වම් අතේ වැලමිටේ වැදී පිත්ත මත පතිත වූ පන්දුව, උඩ පන්දුවක් ලෙස රැකගැනීමට දික්වැල්ල සමත් වීමත් සමග ඔහුට ලකුණු නොළබාම පිටියෙන් ඉවත් වීයට සිදුවිය.
සෞම්‍ය සර්කාර් ලකුණු 12 ක් ලබා සිටියදී ධනුෂ්ක ගුණතිලකගේ පන්දුවක් හමුවේ ඔහු අතටම ලබාදුන් උඩ පන්දුවක් රැකගැනීමට අසමත් වුවද, බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස සකීර් හසන්ගේ කඩුල්ල බිඳ දැමීමට ගුණතිලක සමත් විය.
Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-978405536976438334.post-30666654997127341512018-02-11T08:14:00.000-08:002018-02-11T08:14:34.758-08:00බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලි ජය ශ්‍රී ලංකාවට – මංගල තරගය ක්‍රීඩා කළ අකිලට කඩුලු 8 යි
බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස ශ්‍රී ලංකා අද ජය ගැනීමට සමත්විය.
ඒ, දෙරට අතර දෙවැනි තරගය ලකුණු 215 කින් ජය ගැනීමත් සමග ය.
මීර්පූර්හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 222ට පිළිතුරු ලෙස බංග්ලාදේශයේ සියලු දෙනා ලකුණු 110කට දැවී ගියේ ය.
සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 226කි.
ඒ අනුව ලකුණු 339ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයට අද සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 123ක් පමණි.
එහි දී සිය මංගල තරගය ක්‍රීඩා කළ අකිල ධනංජය ලකුණූ 24 කට කඩුලු 5 ක් දවා ගත් අතර, රංගන හේරත් ලකුණු 49 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත්විය.
අකිල ධනංජය පළමු ඉනිමේදී ද කඩුලු 3 ක් දවා ගැනීමට සමත්විය.
තරගාවලියේ පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
Anonymousnoreply@blogger.com1tag:blogger.com,1999:blog-978405536976438334.post-23478720408962287652018-02-08T17:57:00.000-08:002018-02-08T17:57:06.869-08:00මාලිංග ක්‍රිකට් දිවියට සමුදෙයි?
තමා මානසිකව ක්‍රිකට් ක්‍රීඩාව හමාර කර ඇති බවත්, තමා තවදුරටත් අන්තර් ජාතික ක්‍රිකට් පිටියේ රැදෙනු ඇතැයි විශාවාස නොකරන බවත්, සිය විශ්‍රාම යාම නිවේදනය කිරීමට සැලැසුම් කරමින් සිටින බවත්, සුපිරි වේගපන්දුයවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසා තිබේ.
ශාන්ත මොරිස් හි අයිස් ක්‍රිකට් අභියෝගතාව අතර තුරදී මාලිංග මේ බව පී.ටී.අයි. පුවත් සේවයට පවසා ඇත.
තමා ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර නැතැයිද කියන මාලිංග තමාගේ IPL දිවිය අවසන් ව ඇති බවත් කියා සිටී.
මුම්බායි ඉන්දියන්ස් සමඟ අලුත් පිටුවක් අරඹන බවද මාලිංග සඳහන් කරයි.
තමා මුම්බායි ඉන්දියන්ස් පිලිට එක් නොකර ගැනීමට ගෙන තිබූ තීරණය සම්බන්ධයෙන් පුදුම නොවූ බවද කියන මාලිංග එම පිල සමග තමාට ඉතා සාර්ථක දසවසරක් වූ බවද සිහිපත් කරයි.
මුම්බායි ඉන්දියන්ස් හි හිමිකරු තමාට කතා කළ බවත්, ඔවුන්ගේ දැක්ම ඉදිරි වසර තුන සඳහා දක්ෂ කණ්ඩායමක් සකස් කර ගැනීම බවත්. තමා දැන් සිටින්නේ තරගකාරී ක්‍රීඩාවේ නියැලිය හැකි අඩියක නොවන බවද මාලිංග සඳහන් කර ඇත.
වයස 34ක් වන තමා තවදුරටත් තරුණ නොවන බව පවසන මාලිංග සිය වෘත්තීය වෙනසක් සිදු කිරීමට මෙය නිවැරදි කාලය බවත් මලිංග කියයි.
මෙය නව ඉනිමක් ආරම්භ කිරීමට කාලය බවද ඔහු සඳහන් කරයි.
පන්දුවාර විස්සයි - 20 තගර 248 කදී කඩුලු 331 ක් බිඳ හෙලා ඇති මාලිංග ඔහුගේ IPL තරග දිවියේ තරග 157න් තරග 110ක් ක්‍රීඩා කරනු ලැබුවේ මුම්බායි ඉන්දියන්ස් වෙනුවෙනි.
Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-978405536976438334.post-75123136055991071362018-02-07T19:06:00.002-08:002018-02-07T19:06:55.253-08:00ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගය අද - තණතීරුව ගැන බංග්ලාදේශය දෙගිඩියාවක?
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (08 දා) ධාකා මීපූර් හි පිහිටි ෂෙයා බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 9.00 ට ආරම්භ වීමට නියමිතය.
මීපූර් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහභාගි වී ඇති ටෙස්ට් තරග දෙකම ජය ගෙන තිබේ. 2007 වසරේ ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිවූ මෙම ක්‍රීඩාංගණයේදී සත්කාරක බංග්ලාදේශය සහභාගි වූ ටෙස්ට් තරග 16 කදී ජය ගෙන ඇත්තේ තරග තුනක් පමණි. තරග දහයක්ම ඔවුන් පරාජය වී ඇත. කෙසේ වෙතත් බංග්ලාදේශය 2015 වසරේ සිට මෙම ක්‍රීඩාංගණයේදී අපරාජිතව තරග කර ඇති අතර එහිදී ඔවුන් ඉකුත් අගෝස්තු මාසයේදී ඔස්ටේ්රලියාවට එරෙහිව ටෙස්ට් තරගයක් ජය ගැනීමද විශේෂත්වයකි. එවකට බංග්ලාදේශයේ පුහුණුකරු වූ චන්දික හතුරුසිංහ මෙවර ශ්‍රී ලංකාවට දායකත්වය ලබාදීම සත්කාරකයන්ට නුරුස්සන්නක් වී තිබේ.
බංග්ලාදේශයේ ප්රබලතම තුන් ඉරියව් ක්‍රීඩකයා වන ෂකීබ් අල් හසන් නොමැති වීමෙන් තරගය සඳහා සකසන තණතීරුව සම්බන්ධයෙන් ඔවුන් දෙගිඩියාවෙන් පසුවන බවක් වාර්තා වේ. රංගන හේරත් ප්රමුඛ ශ්‍රී ලංකා දඟයන්ගේ ගැලවීමේ අවදානමද ඒ අතර ප්‍රධාන වී තිබේ.
දෙරට අතර චිතගොං හී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා සකසන තණතීරුවේදී දින පහක් තුළ පිතිකරුවන් ලකුණු 1533 ක් ලබා ගන්නා අතරවාරයේදී දැවී ගියේ දෙපිලේම කඩුලු 24 ක් පමණි. එබැවින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එක් අංශයකට පමණක් වාසි සහගත ලෙස සකස් කරන ලද මෙම තණතීරුවට එරෙහිව දඬුවම් ලකුණක් ලබා දී තිබේ. ඉදිරි වසර පහ තුළදී යළිත් මෙවැනි තණතීරුවක් සකස් කළහොත් එම ක්‍රීඩාංගණයට තවත් දඬුවම් ලකුණු කිහිපයක් අහිමි වීමෙන් ක්‍රීඩාංගණයට තහනමක් පැනවීමට අයි.සී.සී. යට අවස්ථාව තිබේ.
බංග්ලාදේශයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ඇත්තේ තුනකි. එයින් ටෙස්ට් තරග ක්‍රීඩා කරනු ලබන්නේ චිතගොං සහ මීපූර් හී පිහිටි ක්‍රීඩාංගණ දෙකේ පමණි. එබැවින් අද තරගයටත් පිතිකරුවන්ගේ මනදොළ පිනවන තණතීරුවක් සකසා ගොඩයැමට බංග්ලාදේශය උත්සහ කළහොත් මෙම ක්‍රීඩාංගණයටද දඬුවම් ලකුණු හිමිවනු ඇත. එම නිසා බංග්ලාදේශය අද ආරම්භවන තරගයේ තණතීරුව ටෙස්ට් තරගයකට උචිත ලෙස සකස් කිරීමේ වගකීම කරට ගත යුතුවේ.
අදාළ හේතුව නිසා අද ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයට දඟ පන්දු යවන්නන්ට සහ පිතිකරුවන්ට සමබර තණතීරුවක් සකස් කිරීමට බංග්ලාදේශයට සිදුව තිබේ. එබැවින් මෙම තරගයේ තීරණයක් අපේක්ෂාවෙන් දෙපිලම සටනට පිවිසෙනු ඇත.
Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-978405536976438334.post-40246897784324826642018-02-07T19:02:00.000-08:002018-02-07T19:02:04.406-08:00වසර තුනකට පසු ජීවන් මෙන්ඩිස් විස්සයි විස්සට ගෙන්වයි - Jeevan Mendis
බංග්ලාදේශය සමග පැවැත්වන තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගී වන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට වසර තුනකට පසු ජීවන් මෙන්ඩිස්ව නම්කර ඇත.
නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආබාධ තත්ත්වය සුව නොවීම හේතුවෙන් මෙම තරගාවලියේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ගේ කරමත පැටවී තිබේ.
දෙරට අතර පළමු විස්සයි විස්ස තරගය 15 දා මීර්පූර්හි ෂෙයා බංග්ලා ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර දෙවැනි තරගය 18 දා සිල්හෙට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, තිසර පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ඉසුරු උදාන, ශෙහාන් මධුසංඛ, ජෙෆ්රි වැන්ඩ්‍රසේ, අකිල ධනංජය, අමිල අපෝන්සු, ජීවන් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු
Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-978405536976438334.post-48111632899876394422018-01-25T18:12:00.001-08:002018-01-25T18:12:12.621-08:00ලක්මාල් හා චමීර බංග්ලාදේශ ඉනිම වනසති - කඩුලු 10ක ජයක් ශ්‍රී ලංකාවට
බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව ධකා නුවර ඊයේ පැවැති තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ නිරායාසයෙනි.
‘තරගයේ වීරයා’ වූ සුරංග ලක්මාල් හා දුෂ්මන්ත චමීරගේ වේග පන්දු ප්‍රහාරය හමුවේ අන්දමන්ද වූ බංග්ලාදේශය තමන්ට හිමි ඕවර පණහෙන් අඩක් හෝ පිතිකරණයේ යෙදීමට අසමත් වෙමින් ඕවර 24ක් ඇතුළත ලකුණු 82කට දැවී ගියේය. කිසිම කඩුල්ලක් හෝ අහිමි කර නොගෙන එම ඉලක්කය හඹා යාමට ශ්‍රී ලංකාවට වැය වූයේ ඕවර 11යි පන්දු 5ක් පමණි. තරගයේ පන්දු 229ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව කඩුලු 10ක ජයක් වාර්තා කළ අතර සමස්ත තරගය ඕවර 35යි පන්දු 5ක් ඇතුළත අවසන් විය.
ලක්මාල් ලකුණු 21කට කඩුලු 3ක් හා චමීර ලකුණු 6කට කඩුලු 2ක්ද ලබා ගනිමින් බංග්ලාදේශ ඉනිම වැනසීමෙන් පසුව දනුෂ්ක ගුණතිලක නොදැවී ලකුණු 35ක්ද, උපුල් තරංග නොදැවී ලකුණු 39ක්ද රැස් කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගියහ.
තිසර පෙරේරා ලකුණු 27කට කඩුලු 2ක්ද, ලක්ෂාන් සඳකැන් ලකුණු 24කට කඩුලු 2ක්ද ලබා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයට මහඟු දායකත්වයක් ලබා දුන්හ.
පන්දු 35ක ගුණතිලකගේ ඉනිම හතරේ පහර 3ක් හා හයේ පහර 2කින් වර්ණවත්ව තිබුණු අතර පන්දු 37ක තරංගගේ ඉනිමට හතරේ පහරක් හයේ පහර 3ක් ඇතුළත්ව තිබිණි.
කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ බංග්ලාදේශය සුන්සමුල් ඉස්ලාම් වෙනුවට අබුල් හසන් කැඳවා තිබිණි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධයට ලක්වූ කුසල් ජනිත් පෙරේරා වෙනුවට දනුෂ්ක ගුණතිලකත්, නුවන් ප්‍රදීප් වෙනුවට දුෂ්මන්ත චමීරත් තරග බිමට පිවිස සිටියහ.
සුරංග ලක්මාල්ගේ වේග පන්දු ප්‍රහාරය හමුවේ බංග්ලාදේශ මුල් පෙල පිතිකරුවන් තිදෙනාම පළමු ඕවර පහ අවසන් වීමටත් පෙර ආපසු ක්‍රීඩාගාරයට ගොස් සිටියහ. කඩුලු තුනක් අහිමි කරගෙන බංග්ලාදේශය ඔවුන්ගේ පළමු ඕවර පහ අවසානයේ රැස්කර ගෙන සිටියේ ලකුණු 21ක් පමණි.
තරගයේ තෙවැනි ඕවරයේදී මුළු ලකුණු 5දී පළමු කඩුල්ල බිඳ වැටෙමින් අනාමුල් හක් බින්දුවට දැවී ගියේ ලක්මාල්ගේ පන්දුව කෙළින්ම කඩුල්ලේ ගැටීමෙනි. පස්වැනි ඕවරයේ මුළු ලකුණු 15 හා 16දී අනෙක් කඩුලු දෙක බිඳ වැටෙමින් ෂකිබ් අල් හසන් ලකුණු 8කටත්, ටමිම් ඉක්බාල් ලකුණු 5කටත් දැවී ගියහ. ලක්මාල්ගේ පන්දුවලට මේ දෙදෙනාම දැවී ගියේ දනුෂ්ක ගුණතිලක ‘බැක්වර්ඩ් පොයින්ට්‘ ස්ථානයේ සිට ප්‍රදර්ශනය කළ අතිදක්ෂ පන්දු රැකීමෙනි. එම ස්ථානයේ සිට‘කවර් පොයින්ට්‘ කලාපයට දිව යමින් පන්දුව ඩැහැගෙන එය කෙළින්ම කඩුල්ලට එල්ල කරමින් අල්හසන් දුවද්දී දැවී යාමට හසුකර ගත් ගුණතිලක ඊට පසුව යැවුනු දෙවැනි පන්දුවේදී දර්ශනීය උඩපන්දු රැක ගැනීමකින් ඉක්බාල් දවාලුවේය.
මුෂ්ෆිකර් රහිම් හා මහ්මුදුල්ලා එක්ව බංග්ලාදේශ මුළු ලකුණු ප්‍රමාණය 16 සිට 34 දක්වා ගෙන එමින් සිටියදී 11 වැනි ඕවරයේදී මහ්මුදුල්ලා දවාලමින් එම සිවුවැනි කඩුලු සබඳතාව බිඳ දැමුවේද ලක්මාල් ය. ලකුණු 7ක් ලබා ගෙන සිටියදී මහ්මුදුල්ලා එල්ල කළ පහරින් පැමිණි පන්දුව හතරේ සීමාව අසල ‘ෆයින් ලෙග්‘ ස්ථානයේදී රැක ගැනීමට දුෂ්මන්ත චමීර සමත් විය.
ඉන්පසුව තිසර පෙරේරා පිට පිට ඕවර දෙකක් ඇතුළත කඩුලු 2ක් ලබා ගැනීමට සමත් විය. මුෂ්ෆිකර් රහිම් හා සබිර් රහ්මාන් එක්ව ලකුණු 23ක් රැස් කරමින් සිටියදී රහ්මාන් ‘මිඩ් ඕන්‘ ස්ථානයේ පන්දු රකිමින් සිටි අතිරේක ක්‍රීඩක ෂෙහාන් මදුශංක වෙත උඩ පන්දුවක් ලබා දෙමින් ලකුණු 10කට දැවී ගිය අතර මුළු ලකුණු 71දී අබුල් හසන් (7), කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය.
බංග්ලාදේශය ලකුණු 79ක් වාර්තා කර සිටියදී ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා වූ මුෂ්ෆිකර් රහිම් ලකුණු 26කට දැවී ගියේය. නසිර් හුසේන් (3) ඊළඟට දැවී ගිය අතර මේ කඩුලු දෙකම ලබා ගත්තේ දුෂ්මන්ත චමීර ය. ලක්ෂාන් සඳකැන් ඉතිරි කඩුලු 2 ලබා ගත්තේ නායක මෂ්රෆි මොටාසා (1) ගේ කඩුල්ල බිඳ දමමින් හා උපුල් තරංග වෙතට උඩ පන්දුවක් ලබා දීමට රුබල් හුසේන් (0) පොලඹවමිනි.
තුන්කොන් තරගාවලියේ අවසාන මහා තරගය ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර හෙට පැවැත්වේ.
Anonymousnoreply@blogger.com0tag:blogger.com,1999:blog-978405536976438334.post-38336483361741423822018-01-23T17:58:00.003-08:002018-01-23T17:58:57.854-08:00ජාතික බොක්සිං ශූරයා මධුරංග: ශූරිය ජයසිංහ
92 වැනි වරටත් පැවැති ජාතික බොක්සිං ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස පී.ඩී.ඩී. මධුරංග සම්මාන දිනා ගන්නා අතරවාරයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය යුනිචෙලා ක්‍රීඩා සමාජයේ ඡේ.ඒ.ඩී. ජයසිංහ විසින් දිනා ගන්නා ලදී.
තරගාවලියේ හොඳම පරාජිතයාට හිමි කුසලාන ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආර්.ජී.එස්. කුමාරසිංහටත්, හොඳම පරාජිකාවට හිමි සම්මානය ශ්‍රී ලංකා යුද හමුදාවේ එච්.එස්. ප්‍රියදර්ශනීටත් හිමි විය.
වසරේ සාර්ථකම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනිදු සපරමාදුට හිමි වූයේය. ඔහු ක්ලිµර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ අඛණ්ඩව දෙවැනි වරටත් දක්ෂතම ක්‍රීඩකයා වී තිබීමද විශේෂත්වයක් විය.
ඊට අදාළ සමස්ත පිරිමි ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම දිනා ගද්දී එම කාන්තා ශූරතාව යුනිචෙලා ක්‍රීඩා සමාජය සතුවිය.
මීට අමතරව මෙවර අතිශූර පිරිමි ක්‍රීඩා සමාජය වශයෙන් ස්ලිම්ලයින් පිල සහ අතිශූර කාන්තා ක්‍රීඩා සමාජය ලෙස යුනිචෙලා පිල සම්මාන දිනා ගැණින.
Anonymousnoreply@blogger.com0tag:blogger.com,1999:blog-978405536976438334.post-24472468361463466402018-01-23T17:57:00.004-08:002018-01-23T17:57:49.757-08:00පාපන්දු ලෝක කුසලාන ශ්‍රී ලංකාවට
ලබන ජුනි 14 වැනිදා රුසියාවේ ආරම්භ වන 2018 පාපන්දු ලෝක කුසලානයේ ශූරයන්ට පිදෙන ශූරතාව පළමු වතාවට ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබේ. එය අද (24 දා) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ප්‍රදර්ශනය කරනු ලබයි.
රටවල් 32 ක් තරග වදින පාපන්දු ලෝක ශූරතාව ආරම්භ වීමට පෙර රටවල් 54 අදාළ ශූරතාව සංක්‍රමණය කරන අතර එහි පළමු පියවර ලෙස ශ්‍රී ලංකාව තෝරාගෙන තිබේ. කැරට් 18 ක රත්තරන් වලින් සකස් කරන ලද මෙම පාපන්දු ශූරතාවයේ බර කි.ග්රෑ. 6.1 කි.
Anonymousnoreply@blogger.com0tag:blogger.com,1999:blog-978405536976438334.post-24556023985358024932018-01-23T00:14:00.002-08:002018-01-23T00:14:47.461-08:00දිලුක වෙළඳ සේවා ක්‍රීඩා දිවියේ වසර 15 සමරයි
ප්‍රවීණ හොකී ක්‍රීඩකයෙකු සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු උපනායකයෙකු වන දිලුක වීරසුරිය තම වෙළඳ සේවා ක්‍රීඩා දිවියේ 15වන වසරට පා තැබීම හේතුවෙන් ඔහුට උපහාර පිදීමේ අවස්ථාවක් පසුගිය දා පැවැත්විණි.
ඒ කොළඹ කෘතීම හොකී පිටියේ දී ය.
ඊට හොකී ක්‍රීඩකයන් රැසක් ම එක්ව සිටියහ.
Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-978405536976438334.post-67180161495561373732018-01-22T17:55:00.001-08:002018-01-22T17:55:45.377-08:00සිම්බාබ්වේ තරගය මීට වැඩිය හොඳින් අවසන් කරන්න තිබුණා - චන්දිමාල්
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පෙරේදා (21දා) ශ්‍රී ලංකාව කඩුලු 5 ක ජයක් ලබා ගත්තද, තරගය ඊට වඩා හොඳින් අවසන් කිරීමට තිබුණ බව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසයි.
'අපේ පන්දු යවන්නන්ට මේ ජයග්‍රහණයේ පූර්ණ ගෞරවය හිමිවිය යුතුයි. කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරා පැවැත්වූ සබඳතාව ජයග්‍රහණයට හොඳ අත්තිවාරමක් වුණා.
නමුත් තරගය මීට වඩා හොඳින් අවසන් කිරීමට තිබුණා' යෑයි චන්දිමාල් තරගයෙන් අනතුරුව පවසා තිබේ.
සිම්බාබ්වේ අද පැරදුණොත් ගෙදර
තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ ගමන තීරණය වන තීරණාත්මක තරගය අද (23දා) බංග්ලාදේශය සමග පැවැත්වේ. මෙම තරගය සිම්බාබ්වේ පරාජයට පත්වුවහොත් ශ්‍රී ලංකා බංග්ලාදේශ අවසන් මහා තරගයක් දැකබලා ගැනීමට හැකිවනු ඇත.
යම් හෙයකින් සිම්බාබ්වේ ජයගතහොත් ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයේ සිය ස්ථාන වෙන්කර ගැනීමට නම් බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගය වැඩි දළ ලකුණු ලබා ගැනීමේ වේගයක් සහිතව ජය ලැබීම අනිවාර්යය වේ.
මැතිව්ස්ට ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි
තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ සමග පැවැති පළමු තරගයේදී පාදයේ ආබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඒ අනුව ඔහුට තුන්කොන් තරගාවලියට අමතරව බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අහිමි වී යනු ඇත.
Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-978405536976438334.post-92006829971183715472018-01-11T20:43:00.001-08:002018-01-11T20:43:40.366-08:00තිලංග ඉවතට එළියට - මැයි මාසයෙන් පසු නව සභාපතිවරයෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිත්වයෙන් ඉල්ලා අස්වීමට තිලංග සුමතිපාල මහතා තීරණය කර තිබේ. සිය දේශපාලන රාජකාරි හේතුවෙන් මෙම තීරණයට ඔහු එළඹ ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එම තීරණයට ඔහුට ඉහළ පෙළේ දේශපාලන බලපෑම්ද ඉවහල්වී ඇතැයි තතුදත් ආරංචි මාර්ග සඳහන් කළේය. පසුගිය කාලය පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් විවේන එල්ල විය. එහිදී වත්මන් සභාපතිවරයාට සම්බන්ධ ව්‍යාපාර ජාලය පිළිබඳව කතිකාවක් මතු වී තිබූ අතර ඒවා සමඟ තමන්ට කිසිදු සම්බන්ධයක් නොමැති බව තිලංග සුමතිපාල මහතා පවසා තිබුණේය. එහෙත් ඔහුට විරුද්ධ පාර්ශ්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අසාර්ථක වීම් හා ඔහුගේ ව්‍යපාරික සම්බන්ධතා ගෙනහැර දක්වමින් අදහස් දැක්වීම හේතුවෙන් දේශපාලන ක්ෂේත්රය තුළද ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය විය. එහිදී ආණ්ඩුවට සම්බන්ධ අමාත්‍යවරුන් අතරම ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබූ අතර මෙම සියලු තත්ත්ව සලකා බැලීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරයෙන් ඉවත්වීමට තිලංග සුමතිපාල මහතා තීරණය කර ඇතැයි සඳහන්ය.
එහි දිගුවක් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා එම ධූරයෙන් ඉල්ලා අස් වී උපසභාපති ධූරයක වැඩ බාරගැනීම දැක්විය හැකි බව තතුදත් ආරංචි මාර්ග පෙන්වා දෙයි. 'පෙරහර එන්නෙ පස්සෙ. ඉස්සරින් කසකාරයෝ දිහා බලන්න. මොහාන් ද සිල්වා මහතා උපසභාපතිවරයෙක් වුණේ මැයි මාසයෙන් පසු සභාපති ධූරයේ වැඩ බාරගන්නයි' එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී. තිංලග සුමතිපාල මහතාට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරනුයේ දේශපාලනික කාර්ය බහුලත්වය හේතුවෙන් ඔහු සිය ධූරයෙන් ඉවත් වීම පිළිබඳව සලකා බලමින් ඇති බවය. ඒ අනුව මෙම වසරේ මැයි මාසය වන තුරු සභාපතිත්වය දැරීමට ඔහු සිය එකඟත්වය පළ කර ඇත. සිය සමීප හිතවතුන් සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී සභාපතිවරයා විසින් මේ බව ප්‍රකාශ කර තිබේ. ඇතැම් විට බංග්ලාදේශ සංචාරයේදී චන්දික හතුරුසිංහගේ පුහුණුකාරිත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම දක්වන දක්ෂතා ඉවහල් කරගනිමින් අදාළ තීරණය යළි සලකා බැලීමට ඉඩ ඇති බවද සඳහන්ය. යම් හෙයකින් ශ්‍රී ලංකා කණ්ඩායමට අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කරගැනීම කල් ගියහොත් සිය ධූරයෙන් ඉවත් වීම අනිවාර්ය වනු ඇති බවට තිලංග සුමතිපාල මහතා පවසා තිබේ.
දැනට පවතින වාතාවරණයට අනුව මෙම වසරේ මැයි මාසයේ 23 වැනිදාට ආසන්න දිනකදී ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට නියමිතය. නව ක්‍රීඩා පනතට අනුව වසර හතරක කාලයක් ධූරයේ රැඳී සිටීමට අවසර තිබුණද තිලංග සුමතිපාල මහතා අදාළ නිලවරණය කැඳවීමට මේ අනුව තීරණය කර තිබේ.
ආනා පුංචි හේවා මහතාගේ සභාපතිත්වයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන බලය අත්පත් කරගත් තිලංග සුමතිපාල මහතා කඩිනමින් දඹුලු ක්‍රීඩාංගණය ඉදිකිරීමට පියවර ගත් අතර එය එකල සුප්‍රකට ඉදිකිරීමක් ලෙස සැලකිණි. එය සුවිශාල ව්‍යාපෘතියක් වූ අතර වර්ෂාව හේතුවෙන් ජාත්‍යන්තර තරග අතරමග අත්හැර දැමීමට එරෙහිව ලබාගත් දැවැන්ත තීන්දුවක් විය. එය මහත් ආන්දෝලනාත්මක ඉදිකිරීමක් වශයෙන් සැලකුණේ දිවා රෑ නොබලා අදාළ ඉදිකිරීම් භූමියේ රැඳී සිටිමින් පෞද්ගලිකවම තිලංග සුමතිපාල මහතා දැරූ උත්සහය මල් ඵල ගැන්වීමක් වූ හෙයිනි. කෙසේ වෙතත් දේශපාලනයට පිවිසීමත් සමඟ ඔහුගේ පරිපාලන ශක්‍යතාවයේ අඩුලුහුඩුතා මතුව ආ අතර අධික කාර්ය බහුලත්වය ඊට හේතු වූ බව විශ්වාස කෙරේ. ඒ අතරම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පසුබැස්මත් සමඟ ඔහුගේ පරිපාලනය දැඩි විවේචනයට බඳුන වූ අතර කණ්ඩායම් පසුබැසීම් සමඟ හිටපු උපසභාපතිවරයකු වන ජයන්ත ධර්මදාස මහතා ඇතුළු කීපදෙනෙකුද ඉල්ලා අස්විය. මේ අතර සභාපති ධූරයට පත්වීමට නියමිත මොහාන් ද සිල්වා මහතා කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති, ලේකම්, උපසභාපති ඇතුළු තනතුරු රැසක් හොබවා පළපුරුදු නිලධාරියෙකි.
කසුන් ඉරුගල්බණ්ඩාර - Resa
Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-978405536976438334.post-52240678961263196402017-12-19T17:24:00.001-08:002017-12-19T17:24:37.136-08:00දැයෙන් සමුගෙන ගිය “ලංකාවේ පාපන්දු රජු” ගැන ඔබ නොදන්නා කතාව.
ශ්‍රී ලංකා පා පන්දු ඉතිහාසයේ බිහිවූ දක්ෂතම පා පන්දු ක්‍රීඩකයකු ලෙස හඳුන්වන ලබන පී.ඩී. සිරිසේන මහතා පසුගියදා අභාවප්‍රාප්ත විය. මියයන විට 77 වියේ පසු වූ සිරිසේන මහතා අතිදක්ෂ පා පන්දු ක්‍රීඩකයකු මෙන්ම ආසියානු පා පන්දු සම්මේලනයේ උපදේශකවරයකු වන අතර, ශ්‍රී ලංකා ජාතික පා පන්දු කණ්ඩායමේ පුහුණුකරුවකු ලෙසද කටයුතු කර තිබිණි.
අඩ සියවසකට අධික කාලයක් පාපන්දු පිටිය වර්ණවත් කළ,විශිෂ්ට පාපන්දු ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් බිහිකිරීමට දායකවූ ඒ මහතා මෙරට පාපන්දු පිටියේ පියා ලෙසද හදුන්වයි.
හිටපු ශ්‍රී ලංකා ජාතික පාපන්දු නායකයකු මෙන්ම පුහුණුකරුවකු ලෙස කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරමින් පාපන්දු පිටියේ ඉහළම ගෞරවයට පාත්‍ර වීමට සිරිසේන මාස්ටර් වාසනාවන්ත විය. ඒ නිසාම වසර 1987දී හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් සිරිසේන මාස්ටර්ට උපහාර පිණිස මාළිගාවත්තේ නාගරික ක්‍රීඩා පිටිය පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණය ලෙස නම් කිරීමට පියවර ගත්තේය. වසර 2014දී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට වසර 75ක් පිරීම නිමිත්තෙන්, ලෝක පාපන්දු සම්මේලන සභාපති ජෝෂප් සෙෆ් බ්ලැටර් මහතා අතින් ජීවිත කාලයේ වටිනාම සම්මානය හා මුදලින් රුපියල් ලක්ෂ 5ක් සිරිසේන මහතා වෙත පිරිනැමුණි.
මෙරට එෆ්. ඒ. පාපන්දු ඉතිහාසයේ අමරණීය සටහන් රැසක් සනිටුහන් කිරීමට සිරිසේන මාස්ටර් සමත්ව සිටී. කොළඹ ප්‍රයිස් පාක් පිටියේ සුවිශාල මතක සටහන් තැබූ සිරිසේන මාස්ටර් වයස අවුරුදු 16දී සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයට එක් විය. ඔහු වසර 1956 සිට 1972 දක්වා සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළේය. 1962දි ජාතික පාපන්දු පිලට එක්ව වසර 7කට වැඩි කාලයක් සිරිසේන මාස්ටර් ක්‍රීඩා කළේය.
1960 දී එෆ්. ඒ. කුසලාන අවසන් තරගයේ දී ගෝල් 6ක් ද සමග එම වසරේ එෆ්. ඒ. තරගාවලියේ ගෝල් 24ක් ලබා වාර්තාවක් පිහිටුවීමට සිරිසේන මාස්ටර් සමත් විය. අවසන් මහා තරගයක වැඩිම ගෝල් ලාභියා ලෙසද එෆ්. ඒ කුසලාන තරගාවලියක වැඩිම ගෝල් රැස් කළ කී‍්‍රඩකයා ලෙසද “සිරිසේන මාස්ටර්” තබා තිබෙන වාර්තාව ඔහුගේ ගෝලයකු හෝ වෙනත් කී‍්‍රඩකයකු අද වන තුරු මකා දැමීමට සමත් නොවීම විශේෂත්වයකි. සිරිසේන මාස්ටර් එවැනි දස්කමක් දැක්වූයේ අද වැනි තාක්ෂණික පහසුකම් නොමැති කාලයකදී බැවින් එහි වටිනාකාම මිළ කළ නොහැක.
වසර 1965දී බංග්ලාදේශයේ ඩකා වොන්ඩර්ස් පිලට හා 1966 – 67 කාලයේදි නෙදර්ලන්තයේ ඇVC අල්මොලෝ පිලට එක්ව සිටි අතර පසුව ඔහු වේල්සයේ සිවැන්සියා පිලේ පුහුණු උපදේශකයකු ද විය.
වසර 1976 සිට 1988 දක්වා වරින් වර අවස්ථා කිහිපයකදීම ජාතික පාපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ සිරිසේන මාස්ටර් 1987දී මාලදිවයිනේ නිව් රේඩියන්ට් පිලේ පුහුණුකරු ද 1988දී මාලදිවයිනේ ජතික පාපන්දු පුහුණුකරු ලෙස ද කටයුතු කරමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දුන්නේය. මාලදිවයිනේ පාපන්දු ක්‍රීඩාවට ජීවයක් දුන් පුරෝගාමියකු වූ සිරිසේන මහතා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ උපදේශකයෙකු තාක්ෂණික අධ්යක්ෂවරයකු හා ආසියානු පාපන්දු පුහුණු උපදේශකවරයකු ලෙස කටයුතු කළේය.
සිරිසේන මාස්ටර් පාපන්දු ක්‍රීඩාවට මෙන්ම බොක්සිං ක්‍රීඩාවට ද ඇලුම් කළේය. 1966දී ආධුනික ජාතික බොක්සිං ශූරතාවලියේදී සිරිසේන මාස්ටර්ගේ පහරකින් ප්‍රතිවාදියෙකු බිම හෙළූ ඉතිහාසයක් ද ඇත.
Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-978405536976438334.post-56527505393637682852017-12-07T19:41:00.000-08:002017-12-07T19:41:21.131-08:00කබඩි සංගමය තහනම් කරයි - බලතල ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් යටතට
ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ ලියාපදිංචිය වහාම අත්හිටුවීමට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පියවර ගෙන ඇත. වහාම ක්‍රියාත්මක වන පරිදි කබඩි සම්මේලනයේ කටයුතු අත්හිටුවා එහි නිසි බලධාරියා ලෙස ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා පත්කිරීමට අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි. පෙරේදා නිකුත්වූ එම ගැසට් නිවේදනය අනුව කබඩි සම්මේලනයේ නිලවරණය ඉක්මණින් පැවැත්වීම උදෙසා නාම යෝජනා කැඳවන ලෙසට ද නියෝග කොට ඇත.
1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 (ආ) සහ 33 වගන්ති යටතේ ඇමැතිවරයා සතු බලතල ප්‍රකාරව, කබඩි සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවීමට හේතුවී ඇත්තේ පැවැති නිලධාරීන්ගේ අර්බුද දුරදිග යෑම හේතුවෙනි.
ශ්‍රී ලංකා කබඩි සම්මේලන පරිපාලන කටයුතුවලට සම්බන්ධව සිටි හිටපු නිලධාරීන් කිහිප දෙනකුට කලක පටන් සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳ චෝදනා එල්ල වූ අතර පාර්ශ්ව කිහිපයකට බෙදීමෙන් පරිපාලන ප්‍රශ්න රැසක් ඇති විය. විදෙස් සංචාරවලට ක්‍රීඩක කණ්ඩායම් නම් කිරීමේදී අසාධාරණ වූ බවට ද ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබුණි.
මෙයට අමතරව නිසි වේලාවට නිලවරණය පැවැත්වීමට අසමත්වීම සම්බන්ධවද කබඩි සම්මේලන නිලධාරීන්ට චෝදනා එල්ල විය. මේ පිළිබඳ සොයා බැලූ ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා කබඩි පරිපාලනය විධිමත් කිරීමට ක්‍රියා මාර්ග රැසකට එළැඹියේය. එහි අවසන් පියවර වූයේ කබඩි සම්මේලනයේ ලියා පදිංචිය අත්හිටුවා ඉක්මණින් නිලවරණයක් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පැවැත්වීමට කටයුතු කිරීමය.
මේ ආකාරයෙන්ම ලියාපදිංචිය අත්හිටවූ ජූඩෝ හා හෑන්ඩ්බෝල් සංගම්වල නිලවරණ පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය දැන් කටයුතු ආරම්භ කොට තිබේ.
මේ අතර ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ජාත්‍යන්තර තහනම ඉවත් කර ගැනීම උදෙසා මැලේසියාවේ පිහිටි ලෝක බැඩ්මින්ටන් නිලධාරීන් හමුවීමට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා අවස්ථාවක් ඉල්ලා ඇත. ලෝක බැඩ්මින්ටන් සම්මේලනය ශ්‍රී ලංකාවට පැනවූ ජාත්‍යන්තර තහනම ඉවත් කිරීමට අවශ්‍ය උපදෙස් ජාත්‍යන්තර බැඩිමින්ටන් සම්මේලනයට ලබාදෙන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වෙත ක්‍රීඩා අමාත්‍යාංශය මෙයට පෙර ලිපියක් යොමු කර තිබුණද, මෙය ලෝක බැඩ්මින්ටන් සංගමය සමග සාකච්ඡා කොට විසදා ගන්නා ලෙස දැනුම්දී ඇත.
ඒ අනුව දිනයක් හා වේලාවක් ලැබුණු වහාම මැලේසියාව බලා පිටත්වන බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා අප කළ විමසීමකදී පැවැසීය.
බැඩ්මින්ටන් සම්මේලනයට පැනවූ මේ තහනම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කිසිදු ජාත්‍යන්තර තරගාවලියකට සහභාගීවීමේ අවස්ථාව අහිමිවී ඇත. මේ මස 31වැනිදාට පෙර ජාත්‍යන්තර බැඩ්මින්ටන් තහනම ඉවත් නොවුණහොත් ලබන වසරේ අප්‍රේල් මාසයේ ගෝල්ඩ් කොස්ට් හී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙළ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පිලට අහිමි වේ.
Anonymousnoreply@blogger.com0tag:blogger.com,1999:blog-978405536976438334.post-42459803205371968902017-12-07T19:02:00.001-08:002017-12-07T19:02:22.694-08:00වායූ දූෂණයේ අපහසුතා මැද පිතිකරුවන් දැක්වූ දස්කම් ඉහළයි
මුහුණදීමට අපහසු ප්‍රබල පන්දු යවන්නන්ගෙන් සමන්විත ඉන්දීය පිල හමුවේ නවදිල්ලි නුවර පැවැති තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරව නිමා කරගැනීමට හැකිවීම ගැන ශ්‍රී ලංකා පිලේ නායක දිනේෂ් චන්දිමාල් සිය සතුට පළ කරයි. ලොව වායු දූෂණය අතින් ඉහළම අගයක් ගන්නා නවදිල්ලි නුවරදී ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් රැසක් දැඩි අපහසුතාවට පත්වූවත් ඒ සියල්ල මැඩ පවත්වමින් තරගයේ ජය ඉන්දියාව වෙතින් ඈත් කිරීමට තම කණ්ඩායම සමත්වීම ඔහුගේ ප්රසංශාවට ලක්වීය. මෙවැනි තත්ත්වයක් තුළ ක්‍රීඩා කිරීමෙන් අනාගතයේදී නැවත එවැනි දුෂ්කරතා හමුවේ ක්‍රීඩා කිරීමට අවශ්‍ය අත්දැකීම් ලබාගැනීමට හැකිවූ බව ද ඔහු කීවේය.
‘ඒක හරිම අමාරු දින කිහිපයක්. ශ්‍රී ලංකාවේදී අපි මෙවැනි අත්දැකීමකට මුහුණ දී නොමැති නිසා තරගයේ පළමු දින 2දී ඉතා දුෂ්කර වුණා. නමුත් අපිට දිගටම ක්‍රීඩා කිරීමට සිදුවී තිබුණා. අපිට මේ දුෂ්කරතාව අමතක කර තරගයේ නිරතවීමට සිදුවී තිබීම අවබෝධ කරගැනීමෙන් පසුව සියලුම ක්‍රීඩකයන් ඔවුනොවුන්ගේ රාජකාරිය ඉටු කිරිමට සමත්වුණා. විශේෂයෙන් අවසන් දිනය අපට දැනුණේ ශ්‍රි ලංකාව තුළ ක්‍රීඩා කරනවා වගේ හැඟිමක්.’ චන්දිමාල් කීවේය.
‘මේ තරගාවලිය ඉතා හොඳ එකක්. දෙවැනි තරගය හැරුණු විට අපි සෑහෙන තරමේ යමක් ඉගෙන ගත්තා කියලයි දැනුණේ. ක්‍රීඩකයන් වගේම කාර්ය මණ්ඩලයත් ලොකු දායකත්වයක් ලබා දුන්නා. රංගන හේරත් ආබාධයකට ලක්වීමෙන් තරගයෙන් ඉවත්වීම නිසා අපි හැමෝගෙම අවධානය යොමුවුණේ ඇන්ජෙලෝ මැතිව්ස් කෙරෙහියි. ඉන්දීය පිලේ අභියෝගාත්මක පන්දු යවන්නන් හමුවේ ධනංජය හා රොෂේන් විශිෂ්ට පිතිහරඹයක නිරතවුණා. දික්වැල්ලත් වෙනස් ආකාරයේ පිතිහරඹ රටාවක නිරතවීමෙන් දායකත්වය ලබා දුන්නා.’ චන්දිමාල් කියා සිටියේය.
Anonymousnoreply@blogger.com0tag:blogger.com,1999:blog-978405536976438334.post-72904332388861455842017-10-21T20:45:00.003-07:002017-10-21T20:45:29.212-07:00විස්සයි විස්සේ ගැටලුවට සංගා උත්තර දෙයි
ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතා පවසන පරිදි මේ මස 29 වැනිදා පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැත්වීමට නියමිත තුන්වැනි විස්සයි-20 තරගයට සහභාගිවීමේ තීරණය ක්‍රීඩකයන් විසින්ම ගනු ලැබිය යුතු එකකි. ඒ සඳහා යන ලෙස ක්‍රීඩකයන්ට බල නොකළ යුතු බව සංගක්කාර මහතාගේ අදහසයි.
ඉන්දියාවේ ‘ස්පෝට්ස්ටාර්’ සඟරාව හා සම්බන්ධවෙමින් සංගක්කාර මහතා එසේ කියා තිබිණ. වසර 2009 මාර්තු 3 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම ගමන්ගත් බස්රියට ලාහෝරයේදී ත්රස්තවාදීන් වෙඩිතබන විට කුමාර් සංගක්කාරද එම බසයේ සිටියේය.
දින කිහිපයක් තිස්සේම ක්‍රිකට් ක්ෂේත්රයේ ප්‍රධාන මාතෘකාවක් වී ඇත්තේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තුන්වැනි විස්සයි-20 තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලාහෝර් නුවරට යැවිය යුතුද නැද්ද යන්නයි. ශ්‍රී ලංකා කණ්ඩායම තම රටට ගෙන්වා ගැනීමට පාකිස්තානු ක්‍රිකට් බලධාරීන් දැඩි උත්සාහයක නිරතව සිටියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය සඳුදා (16 වැනිදා) නිවේදනය කළේ මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යයෙන්ම ලාහෝර් නුවර බලා යා යුතු බවයි.
ඒ සඳහා වෙනමම සංචිතයක් නම්කරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. එම සංචිතය පෙරේදා (17 වැනිදා) නම්කරන බව කීවත් එය අද (19 වැනිදා) දක්වාම නම්කර නොතිබිණ. ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ නායක උපුල් තරංග කල්තබාම ලාහෝර් සංචාරයෙන් ඉවත් වූයේය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගමන්ගත් බසයට වෙඩි තැබීමෙන් පසුව වසර 8 ක් ඉක්ම ගියද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තුළ පවතින භීතිය පහව ගොස් නැත. “බල කරන එක නෙමේ හරි, ලාහෝර් යනවාද නැද්ද කියා තීරණය කළ යුත්තේ ක්‍රීඩකයන්” යයි කුමාර් සංගක්කාර කියන්නේ එබැවිනි.
“පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, අන්තර්ජාතික ක්‍රිකට් සභාව සහ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය යන මේ සිවු පාර්ශ්වය අතර විවෘත සංවාදයක් පැවැත්විය යුතුව තිබුණා. ඒ සියලු පාර්ශ්වයන් එකතු වුණානම්, ඒ ඒ පාර්ශ්වයන්ටත්, නිලධාරීන්ට වගේම ක්‍රීඩකයන්ගේ පවුල්වල අයටත් දෙනු ලබන තොරතුරු සම්බන්ධයෙන් කිසියම් පාරදෘශ්‍ය බවක් තියෙන්න තිබුණා”
“එහෙම වුණා නම් ක්‍රීඩකයන්ට තමන් පිළිබඳව තීරණයක් ගත හැකිව තිබුණා” යයි ‘ස්පෝට්ස්ටාර්’ සඟරාවට සංගක්කාර කියා තිබිණ.
“අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නියෝජිතයාට වගේම අනෙකුත් සංවිධාන වල (ශ්‍රී ලංකා ක්‍රිකට්, පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය සහ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය) නියෝජිතයන්ට කතා කිරීමෙන් පස්සේ ආරක්ෂක තත්ත්වය මෙන්ම සැබෑ යථාර්ථය පිළිබඳ වැටහීමක් ක්‍රීඩකයන්ට ලබාගත හැකිව තිබුණා” යයිද සංගක්කාර පැවසීය. සංගක්කාර මේ වනවිටත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත දහයයි-10 ක්‍රිකට් ලීගයේ සන්නාම තානාපතිවරයකු ලෙසින් මෙන්ම ‘මාරතා ඇරේබියන්ස්’ කණ්ඩායමේ ක්‍රීඩකයකු ලෙසින් කටයුතු කරයි.
“පාකිස්තානයට නැවතත් ක්‍රිකට් ක්‍රීඩාව රැගෙන ඒම ඇත්ත වශයෙන්ම ඉතාමත් හොඳ දෙයක්. ලෝක කණ්ඩායම මෙතැන ක්‍රීඩා කළ එකත් අති විශිෂ්ටයි…තමන්ගේ රටේදීම ක්‍රිකට් ක්‍රීඩාව නරඹන්න බැරිව පාකිස්තානයේ ක්‍රිකට් ලෝලීන් අසරණ වෙලා හිටියා විතරක් නෙමේ ක්‍රීඩකයන් පවා තමන්ගේම ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ ක්‍රීඩා කරන්න බැරිවයි හිටියේ”
“ඒත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු ලැබිය යුතුව තිබුණා” යයිද සංගක්කාර පැවසීය.
Anonymousnoreply@blogger.com0