728x90 AdSpace

  • Latest News

    Monday, February 19, 2018

    අපි ක්‍රීඩා කළේ නිකම් ම කණ්ඩායමක් විදියට නෙවෙයි - අපි ක්‍රීඩා කළේ පවුලක් හැටියටයි - දිනේෂ් චන්දිමාල්

    ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරග වැදුනේ කණ්ඩායමක් ලෙසින් නොව පවුලක් ලෙසට බව බංග්ලාදේශයට එරෙහි ජාත්‍යන්තර විස්සයි20 තරගමාලාවේ ජයග්‍රහණයෙන් පසුව නායක දිනේෂ් චන්දිමාල් පැවසීය.


    මෑතකදී ඇතිවූ කලකිරීම් සියල්ල පසෙක දමා එක අංශයක් ලෙසින් ඒකරාශී වීම තම කණ්ඩායම දැන් ආරම්භ කර ඇති බව තමා විශ්වාස කරන බවද චන්දිමාල් කීවේය. මේ සංචාරයෙන් ඇතිවූ විශ්වාසය ඉදිරි දිනවලදී කණ්ඩායමට උපකාරයක් වනු ඇති බවද ඔහු කියා සිටියේය.


    පසුගිය වසරේ ඉතාමත් දුර්වල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතිශ්‍රේෂ්ට අයුරින් නැවත ඔවුන්ගේ සුපුරුදු සටන්කාමී ක්‍රීඩාවක නිරත වෙමින් නව වසර ආරම්භ කළේ තුන් ආකාරයේම ක්‍රිකට් ක්‍රීඩාව් කුසලාන දිනා ගනිමිනි. ඔවුන්ගේ ආසන්නතම හපන්කම වූයේ විස්සයි20 තරගමාලාවේදී බංග්ලාදේශය පහසුවෙන් පරාජය කිරීමය.

    සිම්බාබ්වේ හා සත්කාරක බංග්ලාදේශයද ඇතුළු වූ තුන්කොන් තරගාවලිය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකාව නැවත ජය මාවතට පිවිසි අවස්ථාව විය. ඒ ආරම්භයෙන් පසුව ඔවුන් ටෙස්ට් තරගමාලාවද ඉන්පසුව විස්සයි20 තරගමාලාවද ජය ගැනීමට සමත් වූහ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ධකා අගනුවරට පැමිණියේ 2017 වසරේදී ජාත්‍යන්තර එක්දින තරග 29කින් 23ක පරාජය අත්විඳීමෙන් හා විස්සයි20 තරගවල එක දිගට පරාජයන් 8කින් පසුවය. මීට අමතරව නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ප්‍රධාන ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ආබාධයන්ට ලක්වීමේ ගැටළුවට මුහුණ දීමටද ඔවුන්ට සිදුවිය.

    “ක්‍රීඩකයන් තුළ දැන් විශ්වාසය ගොඩනැගෙමින් තිබෙන බව මා සිතනවා. මෙය ඉතාමත් වැදගත් වෙනවා“ චන්දිමාල් සිල්හෙට්හි පෙරේදා පැවැති තරගයෙන් පසුව සඳහන් කළේය. “අපි ක්‍රීඩා කළේ නිකම් ම කණ්ඩායමක් විදියට නෙවෙයි. අපි ක්‍රීඩා කළේ පවුලක් හැටියටයි.“

    “අපට දැන් ජ්‍යෙෂ්ඨයන් හා තරුණයන්ගේ හොඳ සංකලනයක් තියෙනවා. සාර්ථකත්වයේ පිටුපස තිබෙන ප්‍රධාන දෙය එයයි. ආරම්භක පිතිකරුවෙකු වශයෙන් තමන්ට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් පිට පිට අර්ධ ශතක ලබා ගෙන සිය ස්ථානය තහවුරු කරගත් කුසල් මෙන්ඩිස් පිළිබඳව චන්දිමාල් මෙහිදී විශේෂයෙන් කතා කළේය.

    “මේ සංචාරයට පෙර මෙන්ඩිස් ආරම්භක පිතිකරුවෙකු ලෙස එතරම් ක්‍රීඩා කර තිබුනේ නැහැ. ඔහු, ඔහුගේ ක්‍රිකට් දිවියේ මුල්ම අවධියේ ආරම්භක පිතිකරුවෙකු ලෙස තරග දෙකකට ක්‍රීඩා කර තියෙනවා. ඊට පස්සෙ ඔහු ‘බැට්‘ කළේ අංක 3 හා 4 පිතිකරු ලෙසටයි. ඔහු ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කිරීමට සුදුසු බව හා ඒ එක්කම අපට දකුණත්/වමත් පිතිකරු සබඳතාව ලබා ගත හැකි බව මේ සංචාරයේ අප කළ සාකච්ඡාවලින් පසුව අපට තේරුණා. මෙන්ඩිස් ඔහුට ලැබුනු සියළු අවස්ථා සාර්ථකව ග්‍රහණය කර ගත්තා කියා මා සිතනවා. එය ඉතා හොඳයි. දැන් අපේ කණ්ඩායම තුළ ලොකු තරගයක් තියෙනවා. එය හොඳ සංඥාවකි“ යැයි දිනේෂ් චන්දිමාල් වැඩි දුරටත් කියා සිටියේය.
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: අපි ක්‍රීඩා කළේ නිකම් ම කණ්ඩායමක් විදියට නෙවෙයි - අපි ක්‍රීඩා කළේ පවුලක් හැටියටයි - දිනේෂ් චන්දිමාල් Rating: 5 Reviewed By: Anonymous
    Scroll to Top