මේ දිනවල ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියේදී ඊයේ පැවැති තරගවලදී ශ්‍රී ලංකාවේ චතුරංග ලක්මාල් සහ හසිනි ගෝමස් පිළිවෙළින් රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් විය.
සැප්තැම්බර් මස 3 දා සිට 9 දා දක්වා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරයේදී පැවැත්වෙන මෙම බර ඉසිලීමේ ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පිරිමි කිලෝග්‍රෑම් 56 බර පංතිය යටතේ තරග වැදුණු චතුරංග ලක්මාල් රිදී පදක්කම දිනා ගත්තේ කිලෝ ග්‍රෑම් 247 ක සම්පූර්ණ බර ප්‍රමාණයක් එසවීමෙනි. තවද කිලෝ ග්‍රෑම් 48 බර පංතිය යටතේ කාන්තා අංශයෙන් තරග කළ හසිනි ගෝමස් තම ඉසව්වේ ලෝකඩ පදක්කමට හිමිකම් කීමට සම්පූර්ණ බර ප්‍රමාණය ලෙස කිලෝ ග්‍රෑම් 147ක් වාර්තා කළ අතර පිරිමි කිලෝ ග්‍රෑම් 52 බර පංතිය යටතේ තරග වැදුණු සුදේෂ් පීරිස්ට ස්ථානයක් හිමි නොවූ බවද වාර්තාවේ.
0 comments:
Post a Comment