ලබන ජුනි 14 වැනිදා රුසියාවේ ආරම්භ වන 2018 පාපන්දු ලෝක කුසලානයේ ශූරයන්ට පිදෙන ශූරතාව පළමු වතාවට ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබේ. එය අද (24 දා) බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රදර්ශනය කරනු ලබයි.
රටවල් 32 ක් තරග වදින පාපන්දු ලෝක ශූරතාව ආරම්භ වීමට පෙර රටවල් 54 අදාළ ශූරතාව සංක්‍රමණය කරන අතර එහි පළමු පියවර ලෙස ශ්‍රී ලංකාව තෝරාගෙන තිබේ. කැරට් 18 ක රත්තරන් වලින් සකස් කරන ලද මෙම පාපන්දු ශූරතාවයේ බර කි.ග්‍රෑ. 6.1 කි.
0 comments:
Post a Comment