ලබන ජූලි මස 7දා සිට 10දා දක්වා ජපානයේදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර ඇතත් පසුගියදා ශ්‍රී ලංකාවේදී නිමාවට පත්වූ දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී රන් පදක්කම් දිනාගත් අය අතරින් මීටර් 4ඔ100 සහාය දිවීමේ බාලිකා කණ්ඩායම පමණක් ජපාන සංචාරයෙන් ඉවත් කිරීම මවිතය දනවන කරුණකි.
එනම් පසුගිය සෙනසුරාදා (5දා) පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ බාලිකා සහාය දිවීමේ ඉසව්වේදී තත්පර 46.23කින් තරගය නිම කරමින් ප්‍රබල ඉන්දියානු කණ්ඩායම පරාජයට පත් කරමින් අමාෂා ද සිල්වා (මහනුවර ස්වර්ණමාලි බා.වි.), ෂර්මිලා ජෑන් හා ශෙලින්ඩා ජැන්සෙන් (ගේට්වේ ජාත්‍යන්තර පාසල) සහ සාෆියා යාමික්් (මහනුවර විහාරමහාදේවි බා.වි.) යන ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම දිනා ගත්තේ සුසන්තිකා ජයසිංහ හා දමයන්ති දර්ශා යන ක්‍රීඩිකාවන් ද ඇතුළත්ව සිටි ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමක් මීටර් 100 සහාය දිවීමේ ඉසව්වෙන් වසර 24කට පෙර තබා තිබූ වාර්තාවක්ද බිඳ හෙළමිනි. ඒ අනුව මෙකී බාලිකා කණ්ඩායමේ වත්මන් දක්ෂතා ආසියානු මට්ටමෙන් වුවද කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියකදී පදක්කමක් දිනා ගත හැකි මට්ටමක පවතින අතර පදක්කම් දිනාගත හැකි මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් ජාත්‍යන්තර තරගාවලියන්ට සහභාගි කරවිය යුතුය යනුවෙන් නව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා විසින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට දෙන ලද උපදෙස් ද මෙම තෝරාගැනීම මඟින් පැහැර හැර ඇති බවද පෙනේ.
කෙසේ වෙතත් ජපානය බලා යන ශ්‍රී ලංකා කණ්ඩායම අරුණ දර්ශන (වීර කැප්පෙටිපොළ ජාතික පාසල), පසිඳු කොඩිකාර (කුරුණෑගල මලියදේව), පබසර නිකූ (කොළඹ නාලන්ද), රවිෂ්ක ඉන්ද්‍රජිත් (කොටහේන ශා. බෙනඩික්), හර්ෂ කරුණාරත්න (වලල ඒ. රත්නායක), තරිඳු දසුන් (ගාල්ල මහින්ද), අමාෂා ද සිල්වා (මහනුවර ස්වර්ණමාලි), දිල්ෂි කුමාරසිංහ (වලල ඒ. රත්නායක), රුමේෂි අත්තිඩිය (නුගේගොඩ ලයිසියම්), සචිනි දිව්‍යාංජලි (වත්තල ලයිසියම්), සඳුමිණි බණ්ඩාර (සා. ජෝසප් කෑගල්ල) හා රිද්මි නිෂාදි (අම්බලන්ගොඩ ධර්මාශෝක) යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විතය. තවද පුහුණුකරුවන් ලෙස සංජීව වීරක්කොඩි හා අසංක රාජකරුණාත් කාන්තා කණ්ඩායම් භාර නිලධාරිනිය ලෙස යමුනා රත්නායකත් පත්කර ඇති අතර අවශ්‍ය වූ විටෙක පත් කිරීම සඳහා කළමනාකරුවකු ලෙස අයි. ඩී. ප්‍රේමසිරි මහතාගේ නමත් ඇතුළත් කර ඇත.
mawbima
mawbima
0 comments:
Post a Comment