728x90 AdSpace

  • Latest News

    Sunday, February 11, 2018

    බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලි ජය ශ්‍රී ලංකාවට – මංගල තරගය ක්‍රීඩා කළ අකිලට කඩුලු 8 යි

    බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස ශ්‍රී ලංකා අද ජය ගැනීමට සමත්විය.

    ඒ, දෙරට අතර දෙවැනි තරගය ලකුණු 215 කින් ජය ගැනීමත් සමග ය.

    මීර්පූර්හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 222ට පිළිතුරු ලෙස බංග්ලාදේශයේ සියලු දෙනා ලකුණු 110කට දැවී ගියේ ය.

    සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 226කි.

    ඒ අනුව ලකුණු 339ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයට අද සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 123ක් පමණි.

    එහි දී සිය මංගල තරගය ක්‍රීඩා කළ අකිල ධනංජය ලකුණූ 24 කට කඩුලු 5 ක් දවා ගත් අතර, රංගන හේරත් ලකුණු 49 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත්විය.

    අකිල ධනංජය පළමු ඉනිමේදී ද කඩුලු 3 ක් දවා ගැනීමට සමත්විය.

    තරගාවලියේ පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලි ජය ශ්‍රී ලංකාවට – මංගල තරගය ක්‍රීඩා කළ අකිලට කඩුලු 8 යි Rating: 5 Reviewed By: Anonymous
    Scroll to Top