සිම්බාබ්වේ කණ්‌ඩායමට එරෙහිව පෙරේදා (21දා) ශ්‍රී ලංකාව කඩුලු 5 ක ජයක් ලබා ගත්තද, තරගය ඊට වඩා හොඳින් අවසන් කිරීමට තිබුණ බව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසයි.
'අපේ පන්දු යවන්නන්ට මේ ජයග්‍රහණයේ පූර්ණ ගෞරවය හිමිවිය යුතුයි. කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරා පැවැත්වූ සබඳතාව ජයග්‍රහණයට හොඳ අත්තිවාරමක් වුණා.
නමුත් තරගය මීට වඩා හොඳින් අවසන් කිරීමට තිබුණා' යෑයි චන්දිමාල් තරගයෙන් අනතුරුව පවසා තිබේ.
සිම්බාබ්වේ අද පැරදුණොත් ගෙදර
තුන්කොන් එක්‌දින ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ ගමන තීරණය වන තීරණාත්මක තරගය අද (23දා) බංග්ලාදේශය සමග පැවැත්වේ. මෙම තරගය සිම්බාබ්වේ පරාජයට පත්වුවහොත් ශ්‍රී ලංකා බංග්ලාදේශ අවසන් මහා තරගයක් දැකබලා ගැනීමට හැකිවනු ඇත.
යම් හෙයකින් සිම්බාබ්වේ ජයගතහොත් ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයේ සිය ස්‌ථාන වෙන්කර ගැනීමට නම් බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගය වැඩි දළ ලකුණු ලබා ගැනීමේ වේගයක් සහිතව ජය ලැබීම අනිවාර්යය වේ.
මැතිව්ස්‌ට ටෙස්‌ට් තරගාවලිය අහිමි වෙයි
තුන්කොන් එක්‌දින ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ සමග පැවැති පළමු තරගයේදී පාදයේ ආබාධයකට ලක්‌වූ ඇන්ජලෝ මැතිව්ස් යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඒ අනුව ඔහුට තුන්කොන් තරගාවලියට අමතරව බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්‌ට් තරගාවලිය අහිමි වී යනු ඇත.
0 comments:
Post a Comment