728x90 AdSpace

  • Latest News

    Wednesday, August 9, 2017

    තහනමෙන් පසුව රධික නැවත රගර් පිටියට

    සාන්ත ජෝශප් විදුහල් පිල සමග පැවැති රගර් තරගයකදී ගැටුමකට මුල් වූ ධර්මරාජ විදුහලේ පිලේ එවකට එම විදුහල් පිලේ පුහුණුකරු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායමේ හිටපු නායකයකු සහ 

    පුහුණුකරුවකු වන රධික හෙට්ටිආරච්චිට පනවා තිබූ මාස 6ක තහනම ඉවත්වීමෙන් පසුව ඔහු යළි රගර් පිටියට එක්වී සිටී.

    සිය අත්දැකීම් සහ හැකියාවන් උපයෝගි කරමින් නැවත වරක් රගර් පිටියේ සාර්ථක ගමනක් යාමේ අදහසින් පසුවන රධික හෙට්ටිආරච්චි යළිත් වතාවක් ධර්මරාජ විදුහලේ පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස එක්වනු ඇතැයි වාර්තා වෙයි.

    එවකට ධර්මරාජ විදුහලේ පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස එම විදුහල් පිල ඉහළ තලයකට රැගෙන ගිය රධිකගේ මග පෙන්වීම යටතේ වසර 2013 පළමුපෙළ රගර් ලීග් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට පළමු වරට ධර්මරාජ විදුහල් පිලට හැකිවූයේ වසර 45කට පසුවය.

    ඔහුගේ තහනම පසුගිය ජනවාරි මස 30 වැනිදා නිමාවට පත්විය.

    ‘මට තහනමක් පැනවූවාට පසුව මම දැඩි කනගාටුවට පත්වී සිටියා. ඇත්තටම මට ඒ මොහොතේ මගේ පවුලේ අය සමග නවසීලන්තයේ පදිංචියට යාමේ අදහසකුත් තිබුණා. නමුත් මගේ සමීපතම පිරිස සහ දිරිගන්වන්නන් කියා සිටියේ මට ඒ අදහස අත්හැර තහනමෙන් පසුව නැවත රගර් පිටියට පැමිණෙන්න කියලයි.’ රධික හෙට්ටිආරච්චි කීවේය.

    ශ්‍රී ලංකා සත් සාමාජික රගර් කණ්ඩායම ආසියාවේ ඉහළම ස්ථානය අත්කරගනු දැකීම තම එකම සිහිනය බව ද ඔහු සඳහන් කළේය. මේ අරමුණ ඉටු කරගැනීමට නම් ශ්‍රී ලංකා පිලට අඩුම වශයෙන් වෘත්තීය මට්ටමේ විදෙස් පුහුණුකරුවන් දෙදෙනකුගේ හෝ සහය ලැබිය යුතු බව ඔහුගේ අදහස වී තිබේ.
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: තහනමෙන් පසුව රධික නැවත රගර් පිටියට Rating: 5 Reviewed By: editor
    Scroll to Top