728x90 AdSpace

  • Latest News

    Wednesday, September 20, 2017

    පකිස්තාන සංචාරයේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

    ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් 15දෙනෙකුගේ සංචිතයක් නම් කර තිබේ.

    ප්‍රථම තරගය මේ මස 28 වනදා අබුඩාබිහිදි ආරම්භ විමට නියමිතය.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක ලෙස නම් කර ඇත්තේ ලහිරු තිරිමාන්නය. සධීර සමරවික්‍රම සහ රෝෂේන් සිල්වා ටෙස්ට් සංචිතයට නම් කර ඇත්තේ ප්‍රථම වරටය.

    එසේම ඇන්ජලෝ මැතිව්ස්ගේ පාදයේ ඇති වු ආබාධයක් හේතුවෙන් ඔහුව සංචිතයට නම් කර නොමැත.

    ශ්‍රි ලංකා සංචිතය – දිමුත් කරුණාරත්න ,කෞෂාල් සිල්වා , කුසල් මෙන්ඩිස් , සධීර සමරවික්‍රම, රෝෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල , රංගන හේරත් , ලක්ෂාන් සඳකැන් , දිල්රුවන් පෙරේරා , සුරංග ලක්මාල් , නුවන් ප්‍රදීප් , විශ්ව ප්‍රනාන්දු සහ ලහිරු ගමගේ
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: පකිස්තාන සංචාරයේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි Rating: 5 Reviewed By: editor
    Scroll to Top