728x90 AdSpace

  • Latest News

    Thursday, December 7, 2017

    වායූ දූෂණයේ අපහසුතා මැද පිතිකරුවන් දැක්වූ දස්කම් ඉහළයි

    මුහුණදීමට අපහසු ප්‍රබල පන්දු යවන්නන්ගෙන් සමන්විත ඉන්දීය පිල හමුවේ නවදිල්ලි නුවර පැවැති තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරව නිමා කරගැනීමට හැකිවීම ගැන ශ්‍රී ලංකා පිලේ නායක දිනේෂ් චන්දිමාල් සිය සතුට පළ කරයි. ලොව වායු දූෂණය අතින් ඉහළම අගයක් ගන්නා නවදිල්ලි නුවරදී ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් රැසක් දැඩි අපහසුතාවට පත්වූවත් ඒ සියල්ල මැඩ පවත්වමින් තරගයේ ජය ඉන්දියාව වෙතින් ඈත් කිරීමට තම කණ්ඩායම සමත්වීම ඔහුගේ ප්‍රසංශාවට ලක්වීය. මෙවැනි තත්ත්වයක් තුළ ක්‍රීඩා කිරීමෙන් අනාගතයේදී නැවත එවැනි දුෂ්කරතා හමුවේ ක්‍රීඩා කිරීමට අවශ්‍ය අත්දැකීම් ලබාගැනීමට හැකිවූ බව ද ඔහු කීවේය.

    ‘ඒක හරිම අමාරු දින කිහිපයක්. ශ්‍රී ලංකාවේදී අපි මෙවැනි අත්දැකීමකට මුහුණ දී නොමැති නිසා තරගයේ පළමු දින 2දී ඉතා දුෂ්කර වුණා. නමුත් අපිට දිගටම ක්‍රීඩා කිරීමට සිදුවී තිබුණා. අපිට මේ දුෂ්කරතාව අමතක කර තරගයේ නිරතවීමට සිදුවී තිබීම අවබෝධ කරගැනීමෙන් පසුව සියලුම ක්‍රීඩකයන් ඔවුනොවුන්ගේ රාජකාරිය ඉටු කිරිමට සමත්වුණා. විශේෂයෙන් අවසන් දිනය අපට දැනුණේ ශ්‍රි ලංකාව තුළ ක්‍රීඩා කරනවා වගේ හැඟිමක්.’ චන්දිමාල් කීවේය.

    ‘මේ තරගාවලිය ඉතා හොඳ එකක්. දෙවැනි තරගය හැරුණු විට අපි සෑහෙන තරමේ යමක් ඉගෙන ගත්තා කියලයි දැනුණේ. ක්‍රීඩකයන් වගේම කාර්ය මණ්ඩලයත් ලොකු දායකත්වයක් ලබා දුන්නා. රංගන හේරත් ආබාධයකට ලක්වීමෙන් තරගයෙන් ඉවත්වීම නිසා අපි හැමෝගෙම අවධානය යොමුවුණේ ඇන්ජෙලෝ මැතිව්ස් කෙරෙහියි. ඉන්දීය පිලේ අභියෝගාත්මක පන්දු යවන්නන් හමුවේ ධනංජය හා රොෂේන් විශිෂ්ට පිතිහරඹයක නිරතවුණා. දික්වැල්ලත් වෙනස් ආකාරයේ පිතිහරඹ රටාවක නිරතවීමෙන් දායකත්වය ලබා දුන්නා.’ චන්දිමාල් කියා සිටියේය.
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: වායූ දූෂණයේ අපහසුතා මැද පිතිකරුවන් දැක්වූ දස්කම් ඉහළයි Rating: 5 Reviewed By: Anonymous
    Scroll to Top