728x90 AdSpace

  • Latest News

    Tuesday, January 23, 2018

    ජාතික බොක්‌සිං ශූරයා මධුරංග: ශූරිය ජයසිංහ

    92 වැනි වරටත් පැවැති ජාතික බොක්‌සිං ශූරතාවලියේ දක්‌ෂතම ක්‍රීඩකයා ලෙස පී.ඩී.ඩී. මධුරංග සම්මාන දිනා ගන්නා අතරවාරයේ දක්‌ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය යුනිචෙලා ක්‍රීඩා සමාජයේ ඡේ.ඒ.ඩී. ජයසිංහ විසින් දිනා ගන්නා ලදී.

    තරගාවලියේ හොඳම පරාජිතයාට හිමි කුසලාන ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආර්.ජී.එස්‌. කුමාරසිංහටත්, හොඳම පරාජිකාවට හිමි සම්මානය ශ්‍රී ලංකා යුද හමුදාවේ එච්.එස්‌. ප්‍රියදර්ශනීටත් හිමි විය.

    වසරේ සාර්ථකම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනිදු සපරමාදුට හිමි වූයේය. ඔහු ක්‌ලිµර්ඩ් කුසලාන බොක්‌සිං තරගාවලියේ අඛණ්‌ඩව දෙවැනි වරටත් දක්‌ෂතම ක්‍රීඩකයා වී තිබීමද විශේෂත්වයක්‌ විය.

    ඊට අදාළ සමස්‌ත පිරිමි ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදා කණ්‌ඩායම දිනා ගද්දී එම කාන්තා ශූරතාව යුනිචෙලා ක්‍රීඩා සමාජය සතුවිය.

    මීට අමතරව මෙවර අතිශූර පිරිමි ක්‍රීඩා සමාජය වශයෙන් ස්‌ලිම්ලයින් පිල සහ අතිශූර කාන්තා ක්‍රීඩා සමාජය ලෙස යුනිචෙලා පිල සම්මාන දිනා ගැණින.
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ජාතික බොක්‌සිං ශූරයා මධුරංග: ශූරිය ජයසිංහ Rating: 5 Reviewed By: Anonymous
    Scroll to Top