728x90 AdSpace

  • Latest News

    Wednesday, February 7, 2018

    වසර තුනකට පසු ජීවන් මෙන්ඩිස්‌ විස්‌සයි විස්‌සට ගෙන්වයි - Jeevan Mendis

    බංග්ලාදේශය සමග පැවැත්වන තරග දෙකකින් සමන්විත විස්‌සයි විස්‌ස තරගාවලිය සඳහා සහභාගී වන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට වසර තුනකට පසු ජීවන් මෙන්ඩිස්‌ව නම්කර ඇත.

    නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්‌ගේ ආබාධ තත්ත්වය සුව නොවීම හේතුවෙන් මෙම තරගාවලියේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ගේ කරමත පැටවී තිබේ.

    දෙරට අතර පළමු විස්‌සයි විස්‌ස තරගය 15 දා මීර්පූර්හි ෂෙයා බංග්ලා ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර දෙවැනි තරගය 18 දා සිල්හෙට්‌ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

    ශ්‍රී ලංකා සංචිතය

    දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, තිසර පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්‌වැල්ල, දසුන් ශානක, ඉසුරු උදාන, ශෙහාන් මධුසංඛ, ජෙෆ්රි වැන්ඩ්‍රසේ, අකිල ධනංජය, අමිල අපෝන්සු, ජීවන් මෙන්ඩිස්‌, අසිත ප්‍රනාන්දු
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: වසර තුනකට පසු ජීවන් මෙන්ඩිස්‌ විස්‌සයි විස්‌සට ගෙන්වයි - Jeevan Mendis Rating: 5 Reviewed By: editor
    Scroll to Top