728x90 AdSpace

  • Latest News

    Saturday, October 7, 2017

    ශ්‍රී ලංකා පළමු ඉනිම 482යි


    ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය මේ දින වල පැවැත්වෙනවා. තරගයේ දෙවන දිනට ඊයේ (07) තරගය නිම වෙද්දි සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 482ක් රැස් කිරීමට සමත් වුනා. සිය පළමු ඉනිම ඇරඹු පාකිස්තානය කිසිවෙක් නොදැවි ලකුණු 51ක් ලබා සිටියා.

    මෙහිදි ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වෙමින් ඉනිම සවිමත් කළ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට ශ්‍රී ලංකාව වෙනුවෙන් දිවා රාත්‍රී තරගයක ලබා ගත් පළමු ද්විත්ව ශතකය තමන් නමින් ලියවීමට තිබු අවස්තාව අවාසනාවන්ත ලෙස අහිමිව ගියා . ඒ දිමුත් ද්විත්ව ශතකයට ලකුණු හතරක් පමණ පසුපසින් සිටියදි ලකුණු 196කට දැවි යාම නිසා.

    තරගයේ පළමු දිනයේ සිටම ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම වූ දිමුත්, ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පැමිණ පලමු දින මෙන්ම දෙවන දිනයේද නායක දිනේෂ් චන්දිමාල් සමගින් ශ්‍රී ලංකා ඉනිම ගොඩ නගමින් සිටි අතර , චන්දි දැවි ගිය පසුද නිරෝෂන් දික්වැල්ල සහ දිල්රුවන් පෙරේ‍රා සමග එක්වෙමින් ශ්‍රී ලංකා ඉනිමට ජවය ගෙන ආවා. හතරේ පහර 19ක් සහ හයේ පහරකින් සවිමත් වූ දිමුත් ගේ ඉනිමට පන්දු 405ක් වැය කර තිබුනා.

    පිටිය පුරාම පහරවල් එල්ල කරමින් පාකිස්තාන පන්දු යවන්නන්ට හිසරදයක් වූ දිමුත් කරුණාරත්නගේ ඉනිම ඉතිහාසගත වන්නේ දිවා රාත්‍රී ටෙස්ට් තරගයක ප්‍රථම ශතකය රැස් කළ ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසයි .

    * දිවා රාත්‍රී ටෙස්ට් තරඟයක ශ්‍රී ලංකාව වෙනුවෙන් අර්ධ ශතකයක් රැස් කල පළමු ක්‍රීඩකයා,
    * දිවා රාත්‍රී ටෙස්ට් තරඟයක ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් රැස් කල පළමු ක්‍රීඩකයා,
    * දිවා රාත්‍රී ටෙස්ට් තරඟයක ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 150 ක් රැස් කල පළමු ක්‍රීඩකයා,
    ආදී එකී නොකී වාර්තා රැසකට දිමුත් කරුණාරත්න ඔහුගේ නම ඇතුලත් කරගැනීමට සමත් වු අතර ද්විත්ව ශතකය අහිමිව ගියද මෙමඉනිම ද්විත්ව ශතකයටත් වඩා වට්‍රිනා ඉනිමක් බව විචාරකයන් අදහස් දක්වා තිබෙනු දුටුවා.

    පසුගි‍ය සමයේ බොහෝ දෙනා අතර හාස්‍යයට මෙන්ම අපහාසයට ලක්වූ දිමුත් එම සියලු දෙනාට පිත්තෙන් පිළිතුරු ලබා දීම ඔවුන්ට දෛවයේ සරදමකි. දිමුත් වැනි ඉහල තාක්ෂනයෙන් යුතු ඉවසිලිවන්ත පිතිකරුවන් කණ්ඩායමේ සිටිය යුතුම යැයි පසුගිය සමයේ දිගින් දිගමට අප ප්‍රකාශ කළ අතර බොහෝ දෙනා අපහාස කරද්දි දිමුත් කරුණාරත්න වෙනුවෙන් පෙනි සිටි අපට මෙම අවස්තාව හදවතින්ම සතුටුදායක අවස්තාවකි. ශ්‍රී ලංකා ක්‍රිකට් මිය ගියා යැයි බොහො දෙනා ප්‍රකාශ කළද එය එසේ වී නොමැති බව දිගින් දිගටම දිමුත් ලා සහ චන්දිමාල් ලා ඔප්පු කරමින් සිටි. ක්‍රිකට් ක්‍රීඩාව වැටි තිබෙන මෙම ආගාධයෙන් ක්‍රීඩාව රැක ගත හැක්කේද එවැනි සුපිරි ක්‍රීඩකයන්ටමය. ද්විත්ව ශතකය අහිමි වුවද දිමුත් කරුණාරත්නට සමස්ත ශ්‍රී ලාංකේය ජාතිය වෙනුවෙන්ම අප සුභ පැතුම් ගෙන එමු.
    දිමුත් ඔබට ස්තූතියි .!
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ශ්‍රී ලංකා පළමු ඉනිම 482යි Rating: 5 Reviewed By: Anonymous
    Scroll to Top